Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇනා මේරි 11 වැනි තැනට

ඇනා මේරි 11 වැනි තැනට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද (12 වැනිදා) පැවැති රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි එහි 11 වැනි ස්ථානයට පත් වූවාය. 

රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව අදියර හතරකින් සමන්විත වූ අතර එහිදී පිළිවෙලින් ලකුණු 11.800 ක්, 11.750 ක්, 10.400 ක් සහ 10.350 ක් බැගින් ලබාගැනීමට මේරි සමත් වූවාය. එහිදී ඇය ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාව 44.300 කි. 

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සයිප්‍රසයේ ඩයිමන්ටෝ එව්රිපින්ඩෝ (ලකුණු 55.750) සමත් වූ අතර කැනඩාවේ කැත්‍රින් යුචීඩා (ලකුණු 52.650) එහි රිදී පදක්කම දිනාගත්තාය. මැලේසියාවේ ක්වාන් ඩිකිට් වෙන්ග් ලකුණු 51.500 ක් ලබාගනිමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය. 

-036 


අදහස් (0)

ඇනා මේරි 11 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.