Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇද වැටුණ ජාක් පසුකර රුමීෂ දිනුම් කණුවට

ඇද වැටුණ ජාක් පසුකර රුමීෂ දිනුම් කණුවට

editorial - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද උඩවලව සිට...)

සෙවනගල ‘කාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම්’ යුද හමුදා ධාවන පථයේදී පැවැති ‘වලව සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට රුමීෂ බුල්ජන්ට්ස් සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය සමග එක්ව නමවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා තරගකරුවන් 150 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

ජාක් ගුණවර්ධනට පමණක් දෙවැනි වෙමින් එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර නිමා කළ රුමීෂ බුල්ජන්ට්ස්, ඉතා දක්ෂ ලෙස දෙවැනි අදියර ජයගත්තේ ජාක් ගුණවර්ධන එහි දෙවැනි ස්ථානයට පත්කරමිනි. ඒ අනුව දෙදෙනාම පළමු ස්ථානයක් සහ දෙවැනි ස්ථානයක් සමග සම ලකුණු ලබාගත්තද, දෙවැනි අදියරේදී ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා ලෙස රුමීෂ, පළමු වරට ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි කිරුළ දිනාගත්තේය.

දක්ෂතම යතුරුපැදිකරු-රුමීෂ බුල්ජන්ස්

දක්ෂතම කණ්ඩායම-යුධ හමුදා (ළහිරු ජීවන්ත)

ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන දිනූ දේශාන් සොලන්කි

පළමු අදියරේ ජයග්‍රාහකයා බවට පත් වූ ජාක්, දෙවැනි අදියරේදීද රුමීෂට ඉතා තියුණු තරගයක් දුන් නමුත් දැඩි මඩ සහිත බව හේතුවෙන් ධාවන පථය මැද ඇද වැටීමකට ලක්වීම නිසා ඔහුට තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. එම අදියර දෙක පුරාම ජාක් සහ රුමීෂ පසුපස හඹාගිය ශානුක සඳරුවන් අදියර දෙකේම තෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.

ඉකුත් වසරේදී (2018) පැවැති ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉවෝන් බී. ගුරුසිංහ, මෙවර තරගාවලියේ එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි ඉසව්වේ පළමු අදියරේදී අනතුරකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට සෙසු තරග ඉසව්වලට සහභාගි වීමට නොහැකි විය.

යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ළහිරු ජීවන්ත සහ රවීෂ ජයශාන් තරගාවලියේ යතුරුපැදි කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට සමත් වෙද්දී, යතුරුපැදි කාණ්ඩයේ නැගීඑන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ලාබාල ක්‍රීඩක කේසර ගොඩගේ විසිනි. වයස අවුරුදු 15 න් පහළ තරගකරුවන් සඳහා පැවැත්වෙන ජේ. කාණ්ඩයේ (සි.ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගනිමින් ඔහු දක්ෂතම නැගී එන යතුරුපැදිකරුවා සම්මානයට හිමිකම් කීවේය.
 
මෙවර තරගාවලියේ ‘ආනන්ද වෙඩිසිංහ’ අනුස්මරණ කුසලානය තමන් සතුකර ගැනීමට දේෂාන් සොලංකි සමත් වූයේ එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර අදියර දෙකම ජයගනිමිනි. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී එම කුසලානයට හිමිකම් කියූ ඉමාල් මංචනායකට මෙවර තරගාවලියේදී පළමු අදියරේ දෙවැනි ස්ථානයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. බුද්ධික දිනේෂ් එම ඉසව්වේ දෙවැනි අදියරේ දෙවැනියා බවට පත් වෙද්දී සචිර රාජකරුණා අදියර දෙකේම තෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.
 
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි ඉසව්වේදී ශානුක සඳරුවන් සහ ළහිරු ජීවන්ත අතර ද්වන්ද සටනක් පැවැති අතර ඉතා තියුණු තරගයකින් අනතරුව එහි පළමු අදියරේ ජය ශානුකටද, දෙවැනි අදියරේ ජය ළහිරුටද හිමිවිය. එහිනෙකා හමුවේ පරාජයට පත් වූ අවස්ථාවේදී ඔවුන්ට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූ අතර මධුර පීරිස් සහ කමල්ඩීන් හම්තන් පිළිවෙලින් එම අදියර දෙකේ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.

එම ජයග්‍රහණයට අමතරව එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) යතුරුපැදි තරගයේ ජය තමන් සතුකර ගැනීමටද ළහිරු ජීවන්ත සමත් වූ අතර එම්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි තරගය ජය ගැනීමට නවක ක්‍රීඩක රවීෂ ජයෂාන් සමත් වූයේ එම ඉසව්වේ ප්‍රවීණ ක්‍රීඩකන් වන මධුර පීරිස්ට සහ නිහාල් විජේරත්නට පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර දෙමිනි.

වයස අවුරුදු 12 න් පහළ තරගකරුවන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගැනීමට දිනෙත් මිහිරංග සමත් වූ අතර ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගැනීමට තරගය ජයගැනීමට හිරුෂ පාදුක්ක සමත් විය. වයස අවුරුදු 10 න් පහළ තරගකරුවන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගනු ලැබුවේ සකීඞ් අමහඞ් විසිනි.
 
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලිය යතුරුපැදි ඉසව් 12 කින් සහ මෝටර් රථ ඉසව් 12 කින් සමන්විත විය. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම කටයුතු කළ අතර අෂෝක් ලේලන්ඞ් සමාගම එහි සම අනුග්‍රාහකත්වය දැරීය.

තරග ප්‍රතිඵල
ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි  (අවුරුදු 10 න් පහළ) තරගය
1 සකීඞ් අමහඞ් (යමහා පී.ඩබ්ලිව්. 50)
2 හිමාෂ පාදුක්ක (යමහා පී.ඩබ්ලිව්. 50)
3 ඔමෙත් නිඳුවර (යමහා පී.ඩබ්ලිව්. 50)

ජේ. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 12 න් පහළ) තරගය
1 දිනෙත් මිහිරංග (යමහා 65)
2 රිවිනු රත්නායක (කේ.ටී.එම්. 65)
3 ඔමෙත් නිඳුවර (කේ.ටී.එම්. 65)

ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 12 න් පහළ) තරගය
1 හිරුෂ පාදුක්ක (හොණ්ඩා සී.ආර්. 85)
2 රිවිනු රත්නායක (කේ.ටී.එම්. 65)
3 මිනුක රත්නායක (කේ.ටී.එම්. 65)

ජේ. කාණ්ඩයේ (සි.ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 15 න් පහළ) තරගය
1 කේසර ගොඩගේ (කේ.ටී.එම්. 85)
2 තාරුක රුමීෂ (හොණ්ඩා සී.ආර්.එෆ්. 150)
3 ගඟන ප්‍රනාන්දු (කේ.ටී.එම්. 85)
 

එම්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 රවීෂ ජයෂාන් (කේ.ටී.එම්. 125)
2 මධුර පීරිස් (හෂ්කුවර්නා 125)
3 නිහාල් විජේරත්න (කේ.ටී.එම්. 125)

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)
2 කමල්ඩීන් හම්තන් (යමහා වයි.ඉසෙඞ්. 125)
3 මධුර පීරිස් ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් පළමු යතුරුපැදි තරගය
1 දේෂාන් සොලංකි (හෂ්කුවර්නා 250)
2 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 සචිර රාජකරුණා (හමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් දෙවැනි යතුරුපැදි තරගය
1 දේෂාන් සොලංකි (හෂ්කුවර්නා 250)
2 බුද්ධික දිනේෂ් (හමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 සචිර රාජකරුණා (හමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) පළමු යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (හමහා වයි.ඉසෙඞ්.එෆ්. එක්ස්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ළහිරු ජීවන්ත (හමහා වයි.ඉසෙඞ්.එෆ්. එක්ස්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
3 කමල්ඩීන් හම්තන් (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. 250)
2 රුමීෂ බුල්ජන්ට්ස් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 ශානුක සඳරුවන් හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 රුමීෂ බුල්ජන්ට්ස් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. 250)
3 ශානුක සඳරුවන් හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

 


අදහස් (0)

ඇද වැටුණ ජාක් පසුකර රුමීෂ දිනුම් කණුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.