Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනී

අශාන් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනී

ශනුක අරවින්ද - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිවුවැනි වරටත් ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ගැනීමට අශාන් සිල්වා සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (2 වැනිදා) කුරුණෑගල, පාන්ගොල්ල සන්නහා සන්නද්ධ බලකා මූලස්ථාන ධාවන පථයේදී පැවැත්විණ.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු අදියර සිවු වැනියා ලෙස නිමා කළ අශාන් සිල්වා, ඉතා විශිෂ්ඨ ලෙස දෙවැනි අදියර ජයගනිමින් සිවුවැනි වරටත් කැවල්රි ධාවන පථයේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන ලැබීය.  මින් පෙර ඔහු 2012, 2013 සහ 2014 යන වසර වලදීද එම සම්මානයට හිමිකම් කියා තිබිණ.

කාල ගණනයට අනුව මෙම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානයට හිමිකම් කීමට කුෂාන් පීරිස් සමත් වූ අතර එම වාසියත් සමගින් පළමු අදියරේ ජය තමන් සතුකර ගැනීමටද ඔහු සමත් විය. කෙසේ වුවත් දෙවැනි අදියර අතරතුරදී මෝටර් රථය යාන්ත්‍රික දෝෂයකට ලක්වීම නිසා ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව පළමු වරට තරගාවලියක දක්ෂතම රියැදුරා බවට පත්වීමට තිබූ අනගි අවස්ථාවද අහිමි විය.

තරගකරුවන් 14 දෙනෙක් සහභාගි වීම නිසා ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම අදියර දෙකේදී තරගකරුවන් එකිනෙකා පරයා යමින් වරින් වර සිය ස්ථාන හුවමාරු කරගත් අයුරු දැකගත හැකි විය. එහිදී පළමු අදිරේ දෙවැනි ස්ථානය උෂාන් පෙරේරාටද, තෙවැනි ස්ථානය පසිඳු පීරිස්ටද හිමිවූ අතර දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය පසිඳු පීරිස්ටද, තෙවැනි ස්ථානය සජාඞ් සුහේර්ටද හිමිවිය.

සේරසිංහ පිය පුතු සුසංයෝගය පසුපසට ඇද දමමින් එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට කුෂාන් පීරිස් සමත් වුවද, ඔහුට එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්ව) මෝටර් රථ තරගයේදී තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

තවත් පිය පුතු සුසංයෝගයක් වූ කාසිම් වහබ් සහ ඉෂ්රාක් වහබ් ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගයේදී පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත් අතර තියුණු මුහුණුවරක් ගත් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට වහබ් පවුලේම සාමාජිකයෙක් වන සකීර් වහබ් සමත් විය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගැනීමට මාලික කුරුවිටආරච්චි සමත් වෙද්දී, එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගයේ ජය ප්‍රවීන ක්‍රීඩක අජිත් කීර්ති සතුවිය.

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ තරගය ජයගත් බුද්ධික රුක්ලන්ත, එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයටද පත්වෙමින් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහා සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 7 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය. හොණ්ඩා, කොමාර්ෂල් ක්‍රෙඩිට්, එයාර්පෝට් එක්ස්ප්‍රස්, අලියා සිසිල් බීම සහ ප්‍රීමා යන සමාගම් තරගාවලියේ සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

මෝටර් රථ තරග ප්‍රතිඵල

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 එස්. ඒ. ලක්ෂිකා (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 ගිහාන් ධීරසේකර (හොණ්ඩා සිවික් 1500)
2 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
3 ෆාහම් නවුමාන් (හොණ්ඩා සිවික් 1500)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ
1 අජිත් කීර්ති (මිනි ඔටෝ බේස් 1050)
2 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1050)
3 ෆාහම් නවුමාන් (ටොයොටා විට්ස් 1050)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා 1300)
2 දේවින් සේරසිංහ (මැස්ඩා 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 සකීර් වහබ් (හොන්ඩා සිවික් 1600)
2 සචිත් පතිරණ (හොණ්ඩා සිවික් 1600)
3 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2200)
3 මලින්ද ගුණසේකර (සුබාරු ලෙගාසි 2200)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ
1 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී 2800)
2 කාසිම් වහබ් (සැං යොං 1998)
3 මංජුල විජේසිංහ (මිට්සුබිෂී 2500)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
 3 අනුරාධ අමරසිංහ (ෆෝඞ් ලේසර් 1500)

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී පෙජරෝ 3500)
2 කාසිම් වහබ් (සැං යොං 1998)
3 මංජුල විජේසිංහ (මිට්සුබිෂී 2500)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 සජාඞ් සුහේර් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

අශාන් සිල්වා

 

පසිඳු පීරිස්

 

උෂාන් පෙරේරා

 

කුෂාන් පීර්ස්

 

බුද්ධික රුක්ලන්ත

 

‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

අශාන් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.