Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් - ජාක් වසරේ සම්මාන දිනති

අශාන් - ජාක් වසරේ සම්මාන දිනති

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හච් - ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ සම්මාන උළෙලේදී 2019 වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ජාක් ගුණවර්ධනද සම්මාන දිනාගත්හ. එම සම්මාන දිනාගැනීම වෙනුවෙන් අශාන්ට සහ ජාක්ට හොණ්ඩා වර්ගයේ නවතම යතුරුපැදි 2 ක්ද ත්‍යාග වශයෙන් හිමිවිය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.) සමග එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙල ඉකුත්දා රත්මලාන, ඊගල් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්විණ.

ශූරතාවලියේ ප්‍රධානතම මෝටර් රථ කාණ්ඩය වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) ශූරතාව දිනාගනිමින් අශාන් සිල්වා දක්ෂතම රියැදුරා බවට පත් වූ අතර ජාක් ගුණවර්ධන දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූයේ ප්‍රධානතම යතුරුපැදි කාණ්ඩය වූ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් ශූරතාව දිනාගනිමිනි.

දියතලාවේදී පැවැති නරියාකන්ද සුපර්ක්‍රොස්, කුඩාඔයදී පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස්, කුරුණෑගලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස්, වැලිසරදී පැවැති කොළඹ සුපර්ක්‍රොස් යන තරගාවලිවලදී මෙන්ම මීරිගමදී සහ කටුකුරුන්දේදී පැවැති මාර්ග මෝටර් රථ තරගාවලිවලදීද ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්කෙරිණ.

වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරු පැදිකරුවා සඳහා පිරිනැමුණ සම්මාන 2 ට අමතරව එහිදී මෝටර් රථ කාණ්ඩය සඳහා සෙසු සම්මාන 5 ක්ද, යතුරුපැදි කාණ්ඩය සඳහා සෙසු සම්මාන 3 ක්ද පිරිනැමිණ. මිහාන් පීරිස්, තරිඳු ධර්මරත්න, සාකිර් වහබ්, රන්දික නිරෝෂන් සහ මාලික කුරුවිටාරච්චි මෝටර් රථ කාණ්ඩයේද, කේසර ගොඩගේ, නඳුන් විජේසේකර සහ දේෂාන් සොලංකි යතුරුපැදි කාණ්ඩයේද සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකා සුපර් සීරීස් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර ජයග්‍රාහකයන්ට ලබාදුන් යතුරුපැදි 2 සඳහා හොණ්ඩා සමාගම අනුග්‍රහය දැක්වීය.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධියා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සහභාගි වූ අතර යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ආරාධිතයකු ලෙස එම අවස්ථාවට සහභාගි විය.


මෝටර් රථ ශූරතා

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඩ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ ශූරතාව
■    මිහාන් පීරිස්

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ ශූරතාව
■    තරිඳු ධර්මරත්න

එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ශූරතාව
■    සකීර් වහබ්

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) හොණ්ඩා මෝටර් රථ ශූරතාව
■    රන්දික නිරෝෂන්

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ ශූරතාව
■    මාලික කුරුවිටාරච්චි

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ ශූරතාව
■    අශාන් සිල්වා


යතුරුපැදි ශූරතා

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව (වයස 15 න් පහළ)
■    කේසර ගොඩගේ

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) යතුරුපැදි ශුරතාව
■    නඳුන් විජේසේකර

එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි ශූරතාව
■    දේෂාන් සොලංකි

එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව
■    ජාක් ගුණවර්ධන

දක්ෂතම මෝටර් රථ රියැදුරා
■    අශාන් සිල්වා

දක්ෂතම යතුරුපැදිකරුවා
■    ජාක් ගුණවර්ධන


අදහස් (0)

අශාන් - ජාක් වසරේ සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.