Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
-------------------
ශානුක අරවින්ද
-------------------
ශ්‍රී ලංකා මෝටර් රේසිං ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය එක්ව පළමු වරට සංවිධානය කළ කුකුලේ ගඟ කඳු තරණයේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාත්, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඒරන් ගුණවර්ධනත් සම්මාන දිනාගත්හ.
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගය තත්ත්පර 32.135 කින් නිමා කරමින් අශාන් මෝටර් රථ ශූරතාවට හිමිකම් කීවේය. ඒරන් යතුරුපැදි ශූරතාවට හිමිකම් කීවේ එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 1000 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි තරගය තත්ත්පර 33.508 කින් අවසන් කරමිනි.
තත්ත්පර 34.294 කින් ෆෝමියුලා මැක්ලරන්ස් (සිලින්ඩර් ධාරිතාව 1665 දක්වා) මෝටර් රථ තරගය නිමා කළ ඩිලාන් සෙනෙවිරත්න මෝටර් රථ අංශයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර තත්ත්පර 34.613 කින් එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගය නිමා කළ අභීත් දංගල්ල මෝටර් රථ අංශයේ තෙවැනි ස්ථානයට පත් විය.
යතුරුපැදි අංශයේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමටද ඒරන් ගුණවර්ධන සමත් වූයේ එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 600 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි තරගය තත්ත්පර 33.701 කින් අවසන් කරමිනි. ඔහුගේ සොහොයුරු ජේඩ්න් ගුණවර්ධන තත්ත්පර 33.739 කින් එම තරගය අවසන් කරමින් යතුරුපැදි අංශයේ තෙවැනි හොඳම කාලයට හිමිකම් කීවේය.
කුකුළේගඟ දී පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 14 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් ඇතුළත් වූ අතර දිවයින පුරා මෝටර් රථ රියැදුරෝ සහ යතුරුපැදිකරුවෝ 150 ක් පමණ ඊට සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.