Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිෂ්ක - ඉම්රුල් - චැඩ්වික් චැටෝග්‍රෑම් පිල දිනවති

අවිෂ්ක - ඉම්රුල් - චැඩ්වික් චැටෝග්‍රෑම් පිල දිනවති

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ ශිලාත් තන්ඩර්ස් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් ක්‍රීඩකයෝ ඕවරයක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කළ චැඞ්වික් වෝල්ටන් චැලෙන්ජ්ර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් රැස්කරමින් චැලෙන්ජර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ඉම්රුල් කයිස් පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 61 ක්ද රැස්කරමින් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශිලාත් තන්ඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඞ් මිතුන් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

ජොන්සන් චාල්ස් (35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිතුන්, ඉන් නොනැවතී නායක මොසැඞ්ඩෙක් හොසේන් (29) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශිලාත් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.


ශිලාත් තන්ඩර් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 162
(ජොන්සන් චාල්ස් 35, මොහොමඞඩ් මිතුන් නොදැවී 84, මොසැඩ්ඩෙක් හොසේන් 29, රුබෙල් හොසේන් 27/2)

චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් පිල - ඕවර 19 කදී කඩුලු 5 කට 163
(අවිෂ්ක ප්‍රනාන්දු 33, ඉම්රුල් කේයස් 61, චැඞඩ්වික් වෝල්ටන් නොදැවී 49, නරුල් ඉස්ලාම් 23/2)


-036

 


අදහස් (0)

අවිෂ්ක - ඉම්රුල් - චැඩ්වික් චැටෝග්‍රෑම් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.