Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පූර්ව වටයේ සටන ඇරඹෙයි

අවසන් පූර්ව වටයේ සටන ඇරඹෙයි

editorial - 2019 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග ආරම්භ කරමින් නවසීලන්තය සහ එංගලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය යොකොහාමාහිදී අද (26) පැවැත්වේ.  වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය යොකොහාමාහිදී හෙට (27) පැවැත්වීමට නියමිතය.

නවසීලන්තය සහ එංගලන්තය අතර පළමු අවසන් පූර්ව තරගයට සමස්ත රග්බි ලෝකයේම අවධානය යොමු වී තිබේ. මෙම තරගය අවසන් මහ තරගයට සමාන බවට ජාත්‍යන්තර රග්බි විචාරකයෝ පවසති.

නවසීලන්තය පිට පිටම තෙවැනි වරටත් ශූරයන් වීමේ දැඩි බලාපොරොත්තු තබාගෙන මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම මෙම තරගය දැඩි අවධානයට ලක්වීමට ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ. එසේම එංගලන්තය ද 2007 වසරෙන් පසුව අවසන් මහ තරගයට පැමිණීමට නොහැකි වීමේ සිත්තැවුලෙන් මෙවර තරගාවලිය ආරම්භ කිරීම ද නවසීලන්තයට තර්ජනයකි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය මේ දක්වා අපරාජිතව සිටීම ද මෙහිදී කැපී පෙනේ. සුළි සුළං තත්ත්වය හේතුවෙන් මෙම කණ්ඩායම් දෙකටම තරගය බැගින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට අපරාජිතව අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව ලැබේ.

නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවහොත් එය පස්වැනි අවස්ථාව බවට පත්වේ. ප්‍රබල නවසීලන්ත පිලේ නායක කිරාන් රෙඞ් පවසා තිබුණේ 2017 වසරේ සිය කොඳුඇට පෙළේ ශල්‍යකර්මයෙන් පසුව එංගලන්තයට එරෙහිව මෙම අවසන් පූර්ව තරගයේදී සිය උපරිම ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට සූදානමින් සිටින බවයි.

සිය තෙවැනි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින රෙඞ්ගේ නායකත්වයෙන් නවසීලන්තය තරග 50 කට සහභාගි වී තරග 42 ක් ජය ලබා ඇති අතර තරග හයක් පමණක් පරාජය වී තරග දෙකක් විසදුමකින් තොරව අවසන් වී තිබේ.

එංගලන්ත පිලේ නායක සෙන්ටර් ක්‍රීඩක ඔවෙන් ෆැරල් පවසන්නේ නවසීලන්තය පරාජය කිරීමට තම කණ්ඩායම තුළ හොඳ ආත්මශක්තියක් ඇති බවයි.

වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ වැඩි වාසිය වේල්සය සතුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. වේල්සය ද මේ දක්වා අපරාජිතව සිටින කණ්ඩායමකි.

දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව තරගයේදී ජපානයට එරෙහිව දඩුවම් පහරවලට වැඩි නැඹුරුවක් ඇතිව ජය ලැබීම කැපී පෙනුණි.

 

- 048


අදහස් (0)

අවසන් පූර්ව වටයේ සටන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.