Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අරවින්ද නැති තැන උෂාන් පෙරමුණ ගනී

අරවින්ද නැති තැන උෂාන් පෙරමුණ ගනී

ශනුක අරවින්ද - 2016 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 4 ක් පිට පිටම ‘ගනර් සුපර් ක්‍රොස්’ ධාවන පථයේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වෙමින් අරවින්ද පේ‍්‍රමදාස පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමින් මෙවර ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට උෂාන් පෙරේරා සමත් විය.

පසිඳු පීරිස් සහ ජනක ඩයස් සමග කළ ඉතා තියුණු තරගයකින් අනතුරුව තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙකම ජයගනිමින් උෂාන් පෙරේරා, දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි සම්මානයට හිමිකම් කීවේය.

තරග දෙකේදීම ආරම්භයේ සිට පෙරමුණ ලබාගත් උෂාන්, තරග නිමාව දක්වාම අන් කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට ඉඩ නොදුන් අතර ඔහු පසුපස හඹාගිය පසිඳු පීරිස්ට සහ ජනක ඩයස්ට එම තරග දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලින් සෑහීමකට පත්වීමට සිදුවිය.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙක සඳහා මෙවර තරගකරුවන් 11 දෙනෙක් සහභාගි වූ අතර පිට පිට වසර 4 ක් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්ව සිටි අරවින්ද පේ‍්‍රමදාස ඊට සහභාගි නොවීය.

මෙවර තරගාවලියට සහභාගි වීම සඳහා අයැදුම්පත් යොමුකර තිබුණ නමුත් අරවින්ද තරගයට ඉදිරිපත් නොවීමත්, අඩුතරමේ කාලය මැනීමේ තරගයට ඉදිරිපත් නොවීමත් සම්බන්ධයෙන් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොතිබිණ.

උෂාන් පෙරේරා සහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත් මාලික කුරුවිටආරච්චි නියෝජනය කළ සියැට් කණ්ඩායම තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට සමත් විය.  

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ තරග දෙකම ජයගැනීමට යොවුන් කී‍්‍රඩක කුෂාන් පීරිස් සමත් වෙද්දී එම ඉසව්වේ ප‍්‍රවීන කී‍්‍රඩකයකු වන උපුල්වන් සේරසිංහට සි. ධා. 1300 දක්වා තරගයේ දෙවැනි ස්ථානයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට ඉර්ෆාන් ෆෝඞ් සමත් වූ අතර ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට ඉෂ්රාක් වහබ් සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා)සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර සියැට් සමාගම එහි සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළේය.

මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී 12 වැනි වරට පැවැති මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස විජය පුවත් පත් සමාගම කටයුතු කළේය.

තරග ප‍්‍රතිඵල

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
3 අජිත් කිරීති (ඔස්ටින් මිනි 1000)

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)
3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. ඒ. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ
1 දිනේෂ් ජයවර්ධන (ටොයොටා විට්ස් 1050)
2 ඉර්ෂාඞ් ෆාහම් (ටොයොටා විට්ස් 1050)
3 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 ඉර්ෆාන් ෆෝඞ් (හොන්ඩා ඊ. ජී. VI 1618)
2 සකීර් වහබ් (හොන්ඩා සිවික් 1618)
3 ෂෙහාරා ජයවර්ධන (හොන්ඩා ඊ. ජී. VI 1618)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 ටිරෝන් හෙඳවිතාරණ (සුබාරු ලෙගාසි 2200)
2 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
3 චවින්ද වීරසූරිය (සුබාරු ලෙගාසි 2200)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2 තරිඳු ධර්මරත්න (මැස්ඩා ෆැමිලියා 1500)
3 ලලින් කිරින්ද (ෆෝඞ් ලේසර් 1500)

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිශී එවොලූෂන් 3000)
2 සමින් අත්තනායක (ටොයොටා ජීප් 2982)
3 දිනේෂ් සේනානායක (ටොයොටා රෝ 3000)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
2 ෆාහම් නවුමාන් (හොණ්ඩා ඊ. ඊ. කේ. ජී. 1500)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

ජනක ඩයස්

පසිඳු පීරිස්

ඉර්ෆාන් ෆෝඩ්

කුෂාන් පීරිස්

ටිරෝන් හෙන්ඳාවිතාරණ

 

‘ගනර් සුපර් ක්‍රොස්’ මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

අරවින්ද නැති තැන උෂාන් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.