Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයහපත් කාලගුණය නිසා දෙවැනි අදියර කෙටි කරයි

අයහපත් කාලගුණය නිසා දෙවැනි අදියර කෙටි කරයි

රොෂාන් ගුණරත්න - 2016 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස් අටවැනි වැනි ඩකාර් රැළිියේ දෙවැනි අදියර, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කෙටි කිරීමට සිදුවිය.

 
අකුණු කුණාටුවක් සහ දැඩි වර්ෂාව නිසා තරගයේ දෙවැනි අදියර කෙටි කිරීමට පියවර ගත් බවත්, එවැනි තත්ත්වයක් යටතේ නියමිත දුර ප‍්‍රමාණය අවසන් වන තෙක් තරගය පැවැත්වූවා නම් තරගයේ ප‍්‍රාරම්භක අදියරේදී සිදුවූ අනතුරට නොදෙවෙනි අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත් තරග සංවිධායකයෝ පැවසූහ.


ප‍්‍රාරම්භක අදියරේදී චීන ජාතික රියදුරු ගුවෝ මීලිං පැදවූ ඔස්ටින් මිනි වර්ගයේ මෝටර් රථය, නියමිත ගමන් මාර්ගයෙන් ඉවතට විසිවී නරඹන්නන් හා ගැටීම නිසා පුද්ගලයන් 10 දෙනෙක් තුවාල ලැබූ අතර ඉන් 5 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවූහ.


තරගය කෙටි කිරීම නිසා අඩු වූ දුර ප‍්‍රමණය අවම වශයෙන් කිලෝ මීටර 150 ක් පමණ වන බව තරග අධ්‍යක්ෂ එටීන් ලෙවින් මහතා පැවසීය. දෙවැනි අදියරේසදී මෝටර් රථ රියැදුරන්ට ගමන් කිරීමට නියමිතව තිබූ මුලූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 520 ක් වුවත් එය කිලෝ මීටර් 387 කට සීමා වූ අතර යතුරුපැදිකරුවන්ට ගමන් කිරීමට නියමිතව තිබූ මුලූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 450 ක් වුවත් එය කිලෝ මීටර් 354 කට සීමා විය.


දෙවැනි අදියර ආජන්ටිනාවේ ටොර්මාස් දි රියෝ හොන්ඩෝ සහ විලා කාර්ලෝස්පස් යන නගර දෙක අතර පැවැත්වේ.

 

-036

 


අදහස් (0)

අයහපත් කාලගුණය නිසා දෙවැනි අදියර කෙටි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.