Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තය පෙරමුණට එයි

අයර්ලන්තය පෙරමුණට එයි

editorial - 2019 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



සත්කාරක ජපානය හමුවේ අනපේක්‍ෂිත පරාජයක් ලැබීමෙන් සසල වී සිටි ප්‍රබල අයර්ලන්ත පිල කෝබේහිදී අද (03) පැවැති ලෝක කුසලාන රග්බි පළමු වටයේ තරගයේදී ලකුණු 35-0 කින් රුසියාව පරාජය කිරීමට සමත් විය.

මෙය රුසියාව පිට පිටම ලැබූ තෙවැනි පරාජය වන අතර ඒ අනුව රුසියාවට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

මෙම තරගයේ ජයග්‍රහණයට අයර්ලන්ත පිලේ ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගේ ජවය වඩාත් තීරණාත්මක සාධකය බවට පත්විය. දෙපිලේම මැද සහ පසු පෙළ ක්‍රීඩකයන් කරට කර ක්‍රීඩා කළ ආකාරය දැකගත හැකිවිය.  
අයර්ලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය. අයර්ලන්තය මේ වන විට තරග තුනකට සහභාගි වී තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක් හිමිකරගනෙ සිටියි.

ජපානය සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ස්කොට්ලන්තය සහ සැමෝවා තරග දෙකකට බැගින් සහභාගි වී ප්‍රසාද ලකුණු 5 බැගින් ලබා තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවූ අයර්ලන්ත පිල ජපානය හමුවේ ලැබූ පරාජයත් සමඟ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේදී ද දෙවැනි තැනට වැටුණි.

ජයග්‍රාහි අයර්ලන්ත පිල ගෝල පහකින් ලකුණු 35 රැස්කළේය. තරගයේ 62 වැනි මිනිත්තුවේදී ඇන්ඩෘ කොන්වේ සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ අයර්ලන්ත පිලට තෙවැනි අතිරේක ප්‍රසාද ලකුණ හිමිවිය. එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-0 ක් බවට පත්විය.

‘ඒ’ කාණ්ඩයේ මේ දක්වා ඇතිවූ පෙරළිත් සමඟ අතිරේක ප්‍රසාද ලකුණු වඩාත් තීරණාත්මක වී තිබේ. අයර්ලන්තය මේ වන විට තරග තුනේදීම අතිරේක ප්‍රසාද ලකුණ බැගින් හිමිකරගැනීමට සමත්වීම කැපී පෙනේ.  

අයර්ලන්තය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-0 කින් පෙරමුණේ පසුවිය. අයර්ලන්ත ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු තත්ත්වය 35 ක් බවට පත්කළහ.


 

- 048

අදහස් (0)

අයර්ලන්තය පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.