Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනූෂා ලෝකඩ පදක්කමක් දිනයි

අනූෂා ලෝකඩ පදක්කමක් දිනයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 45-48 (කාන්තා) බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු අද (11 වැනිදා) සමත් වූවාය.

අද පැවති අවසන් පූර්ව තරගයකදී ඔලිම්පික් ලෝකඩ පදක්ම්ලාභී ඉන්දීයාවේ මේරි කෝම් හමුවේ පරාජයට පත්වීම නිසා අනූෂාට එම බර පංතියේ ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය. අනූෂාට එරෙහිව පැවැති තරගයේදී විනිසුරුවන් 5 දෙනාගේම වැඩි ලකුණු ලබාගැනීමට මේරි කොම් සමත් වූවාය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සයිමන් දූපත්හි බ්‍රැන්ඞ් බර්න්ස් පරාජය කරමින් අනූෂා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර අනුෂාගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ විනාඩි 2 තත්පර 59 ක් අවසානයේ තරගය නතර කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

පැවැත්වෙන ලබන 14 වැනිදා පැවැත්වෙන එම බර පංතියේ අවසන් මහ තරගයේදී මේරි කොම්ට එරෙහිව උතුරු අයර්ලන්තයේ ක්‍රිස්ටිනා ඕ’හාරා තරග වැදීමට නියමිතය.

 

- 036

BOXING-CGAMES-2018-GOLD COAST BOXING-CGAMES-2018-GOLD COAST BOXING-CGAMES-2018-GOLD COAST


 

 


අදහස් (0)

අනූෂා ලෝකඩ පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.