Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 7 දෙනෙක් ලෝක ශුරතාවලියට සුදුසුකම් සොයති

7 දෙනෙක් ලෝක ශුරතාවලියට සුදුසුකම් සොයති

නාමල් පතිරගේ - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සුගතදාස පිටියේ දී හෙට (16) ආරම්භ වන 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාව තරගාවලියේ දී ලෝක ශූරතා තරග සුදුසුකම් සපුරාලීමේ අපේක්‍ෂාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හත්දෙනෙක් තරග බිමට පිවිසෙති.

ලබන දෙසැම්බර් 1 වැනි දා නේපාලයේ දී ආරම්භ වන සාග් ක්‍රීඩා උළෙල සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කිරීම මූලික අරමුණ කරගත් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද සිට ලබන ඉරිදා (18) දක්වා සුගතදාස  පිටියේ දී පැවැත් වේ.

කටාර් රාජ්‍යයේ දී ලබන සැප්තැම්බර් 28 වැනිදා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේ අවස්ථාව ලබන ඔක්තෝබර් 6 වැනිදායින් නිමාවට පත්වේ.

ඒ සඳහා දැනට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින එකම ක්‍රීඩිකාව වන්නේ මැරතන් ක්‍රීඩිකා හිරුණි විජේරත්නය. ඇමරිකාවේ වෙසෙන ඇය අද ආරම්භ වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා දැන් දිවයිනට පැමිණ සිටියි.

ඇය මීටර් 5000 හා මීටර් 10,000 යන කාන්තා ඉසව් සඳහා එහිදී තරග වැදීමට නියමිතය. දැනට ඕස්ටේ්‍රලියාවේ වෙසෙන උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකර ජාතික ශූරතාවලියට සහභාගි නොවන බැවින් සාග් සංචිතයට ඇතුල්වීම සඳහා විශේෂ අවසරයක් ඉල්ලා තිබේ.

ඊට හේතුවී ඇත්තේ ජාතික තරගාවලිය සාග් අවසන් තේරීම් තරගාවලිය ලෙස සැළකෙන බැවින් සාග් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනත් තරග අවස්ථාවක් නොලැබෙන බැවිනි. ඒ අනුව ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විධායක සභාවට පවරා තිබේ.

 මේ අතර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස සමන් කුමාර ගුණවර්ධන මහතාත් සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිර්දේශ කර තිබේ.

සමන් කුමාර ගුණවර්ධන මහතා මීට පෙරත් ලෝක ශූරතා, ආසියානු ශූරතා, ආසියානු ක්‍රීඩා, ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා සහ ලොව ප්‍රමුඛතම අන්තර් ජාතික තරගාවල දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ධුරය දරා තිබේ. මහින්ද මුදලිගේ මහතා මෑතක දී තනතුරට පත් මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකි.

කටාර් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සුදුසුකම් පරිසාදන මට්ටමට ළඟාවී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ.

* හිමාස ඒෂාන්:- මීටර් 100 - තත්:10.22- (ලෝක ශුරතාවලිය අවම තත්: 10.10)
*විනෝද් ද සිල්වා:- මීටර් 200 -  තත්පර 20.68:- (ලෝක ශුරතාලියට අවම තත්: 20.40)
* දුරපැනීම :- ජානක විමලසිරි මීටර් 8.14:- (ලෝක ශුරතා අවම සුදුසුකම මීටර් 8.17)
* ග්‍රේෂාන් ධනංජය:- තුන් පිම්ම:- මීටර් 16.71- (ලෝක ශූරතා සුදුසුතම -මීටර් 16.95)
*සුමේධ රණසිංහ :- හෙල්ල  විසිකිරීම:- මීටර් 80.22 - (ලෝක ශුරතා අවම සුදුසුකම  මීටර් 83.00)
*නිමාලි ලියනආරච්චි (මීටර් 200-කාන්ත):- විනාඩි 2 තත්පර 02.78 ලෝක ශුරතාවලියට අවම- විනාඩි 2. තත්පර (02.60)
* නිලානි රත්නායක :- මීටර් 3000- බාධක (කාන්තා) :- විනාඩි 9 තත්පර 46.78:- ලෝක ශුරතා අවම සුදුසුකම-විනාඩි 9 තත්පර.  40.00)

හිරුණි විජේරත්න අමරිකාවේදී මැරතන් කාන්තා ඉසව්වේ දී පැය 2 විනාඩි  34 තත්පර 10ක දක්‍ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබුවාය. ඒ සඳහා අවම සුදුසුකම වූයේ පැය 2 විනාඩි 37 තත්පර 00කි. සුමේධ රණසිංහ මීට ප්‍රථම අවස්ථාවක දී (2015) මීටර් 83.04 ක් දක්වා හෙල්ල විසිකිරීමෙන් දක්‍ෂතා දැක්වූවෙකි.


අදහස් (0)

7 දෙනෙක් ලෝක ශුරතාවලියට සුදුසුකම් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.