Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2024 ඔලිම්පික් සත්කාරය පැරීසියට

2024 ඔලිම්පික් සත්කාරය පැරීසියට

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පේරු රාජ්‍යයේ අගනගරය වන ලීමා නුවරදී සැප්තැම්බර් 13 වැනිදා සවස එක් රැස් වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිත්‍ය නියෝජිතයෝ 90 දෙනෙක් 2024 ඔලිම්පික් තරගමාලාව පවත්වන නගරය ලෙස පැරීසිය තෝරා ගත්හ. 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර තෝරා ගැනිණ. ඒ සම්බන්ධයෙන් වන අවසාන නිවේදනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

ඇමරිකාවේ බොස්ටන්, ජර්මනියේ හැම්බර්ග්, ඉතාලියේ රෝමය, හංගේරියාවේ බුඩාපේස්ට් සහ පැරීසිය වසර 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබිණ. මාස කිහිපයකට පසු රෝමය, හැම්බර්ග් සහ  බුඩාපේස්ට් නගර තම අයදුම්පත් ඉල්ලා අස්කර ගත්තේය. අනතුරුව බොස්ටන් නගරය වෙනුවට ලොස් ඇන්ජලිස් සහ පැරීසිය අවසන් ඉල්ලුම්කරුවෝ වූහ.

ලීමා නුවර පැවැත්වූ ඉහත උත්සවයේ කඩු හරඹ සංදර්ශනය සඳහා ඔලිම්පික් ලෝක ශූරයෙක් වන ප්‍රංශ ඔලිම්පික් කමිටුවේ සභභාපති ටෝනි එස්ටැන්ගුයි, ලෝක ජුඩෝ ශූරයා වන ප්‍රංශ ජාතික ටෙඩී රෙනේ සහ පැරීසියේ නගරාධිපති ඈන් හිඩල්ගෝ මහත්මිය ප්‍රධාන කණ්ඩායමක් සහභාගිවූ වූහ. ජයග්‍රාහකයා නිවේදනය කිරීමෙන් පසු පැරිස් නගරයේ අයිෆල් කුළුන අසල විශේෂ ප්‍රදර්ශන මාලාවක්ද පැවැත්වීණ.

වර්ෂ 1924  පසු ප්‍රංශයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දෙවන අවස්ථාව මෙය වන අතර එයද වසර සියයකට පසුවය ලැබුණු සුවිශේෂී අවස්ථාවකි.


අදහස් (0)

2024 ඔලිම්පික් සත්කාරය පැරීසියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.