Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2021 දී මෝටර් රථ තරගාවලි 20 ක්

2021 දී මෝටර් රථ තරගාවලි 20 ක්

ශානුක අරවින්ද - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ බලපෑම තිබුණද ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බැවින් මේ වසරේදී (2021) මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි නැවතත් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයට (ස්ලාස්) අනුබද්ධ ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සමාජ සූදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් මූලික තරග කාලසටහනක් සකස් කර තිබේ. මේ වසරේදී සංවිධානය කිරීමට නියමිත මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි දින දර්ශනයට තරගාවලි 20 ක් ඇතුළත්ව තිබේ.

මෙවර මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනය සුපර්ක්‍රොස් තරගාවලි 7 කින්, මාර්ග මෝටර් රථ තරගාවලි 6 කින්, මෝටර් රථ රැළි 4 කින්, කඳු තරණ 2 කින් සහ රැළික්‍රොස් තරගාවලියකින් සමන්විත වේ.

පෙබරවාරි මස 27 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිත එළියකන්ද කඳු තරණයෙන් මේ වසරේ මෝටර් රථ තරගාවලි මාලාව ආරම්භ වන අතර නොවැම්බර් මස 6 සහ 7 යන දින වලදී පැවැත්වීමට නියමිත කොළඹ සුපර්ක්‍රොස් තරගාවලියෙන් එය නිමාවට පත්වීමට නියමිතය.

එම තරගාවලි 20 න් 5 ක්ම ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය විසින් සංවිධානය කිරීමට නියමිත අතර මීරිගම ධාවන පථයේදී පැවැත්වෙන අදියර 3 කින් සමන්විත මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියක්ද එම තරගාවලි 5 ට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලඩා) මේ වසරේදී තරගාවලි 4 ක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇති අතර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමයද (ස්ලාඩාර්) තරගාවලි 4 ක් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය තරගාවලි 3 ක් සංවිධානය කිරීමට සූදානමින් සිටී.

ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා තරග ක්ෂේත්‍රයේ වඩාත්ම අවධානය දිනාගත් තරගාවලිය ලෙස සැලකෙන නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම පසුගිය වසර කිහිපයේදී මෙන්ම මෙම වසරේදීත් තමන් සන්තකයේම රඳවාගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමය පියවර ගෙන තිබේ.

විවිධ හේතුමත ඉදිරියේදී මෙම ක්‍රීඩා දින දර්ශනයට තවත් තරගාවලි එක්වීමටත්, තිබෙන තරගාවලි ඉවත්වීමටත්, යොදා ඇති දින වෙනස් වීමටත් ඉඩ කඩ තිබෙන බව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ජාතික සංගමයේ සභාපති අශ්හර් හමීම් මහතා ‘ලංකාදීප’යට පැවසීය.


මෝටර් රථ සහ යතුරුපැදි ක්‍රීඩා දින දර්ශනය

1.    පෙබරවාරි 27 සහ 28 - එළියකන්ද තරණය - මාතරදී
2.    මාර්තු 6 සහ 7 - මීරිගම ශූරතාවලියේ පළමු අදියර
3.    මාර්තු 19, 20 සහ 21 - උතුරු ස්පීඩ් රැළිය - යාපනය
4.    අප්‍රේල් 3 සහ 4 - මහගස්තොට කඳු තරණය - නුවරඑළිය
5.    අප්‍රේල් 17 සහ 18 - නරියාකන්ද සුපර්ක්‍රොස් - දියතලාව
6.    අප්‍රේල් 24 සහ 25 - නුවර එළිය මාර්ග මෝටර් රථ තරග
7.    මැයි 22 සහ 23 - මීරිගම ශූරතාවලියේ දෙවැනි අදියර
8.    මැයි 29 සහ 30 - සීගිරිය රැළික්‍රොස් - සීගිරිය
9.    ජුනි 5 සහ 6 - ජිම්පෝ ස්පීඩ් සුපර්ක්‍රොස් - ඇඹිලිපිටිය
10.    ජුනි 19 සහ 20 - කැවල්රි සුපර්ක්‍රොස් - කුරුණෑගල
11.    ජූලි 3 සහ 4 - ස්පීඩ් රැළිය පළමු අදියර
12.    ජූලි 17 සහ 18 -  ගනර්ස් සුපර්ක්‍රොස් - මින්නේරිය
13.    ජූලි 31 සහ අගෝ. 1 - වලව සුපර්ක්‍රොස් - උඩවලව
14.    අගෝස්තු 20 සහ 21 - ගජබා සුපර්ක්‍රොස් - අනුරාධපුර
15.    සැප්තැම්බර් 4 සහ 5 - රැළි ශ්‍රී ලංකා
16.    සැප්තැම්බර් 11 සහ 12 - කටුකුරුන්ද මෝටර් රථ තරග
17.    සැප්තැම්බර් 25 සහ 26 - රෙදර්හැම් කටුකුරුන්ද
18.    ඔක්තෝබර්  9 සහ 10 - ස්පීඩ් රැළිය දෙවැනි අදියර
19.    ඔක්තෝබර්  23 සහ 24 - මීරිගම ශූරතාවලියේ තෙවැනි අදියර
20.    නොවැම්බර් 6 සහ 7 - කොළඹ සුපර්ක්‍රොස් - වත්තල 
 

 


අදහස් (0)

2021 දී මෝටර් රථ තරගාවලි 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.