Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 19 න් පහළ ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට

19 න් පහළ ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයේදී පිලිපීනය ලකුණු 40-00 කින් පරාජය කරමින් එහි I වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර යොන්චුවාන් ක්‍රීඩා සමාජ පිටියේදී පැවැති අතර අවසන් මහ තරගය අද (14 වැනිදා) පැවැත්විණ.

තරගාවලියේ I වැනි කාණ්ඩයේ ශූරතාව සඳහා චීනය, තායිලන්තය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව තරග කළහ.
පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලකුණු 39 - 14 ක් ලෙසින් චීනය පරාජය කරන ලදී.

තායිලන්තය සහ පිලිපීනය අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ලකුණු 17-17 ක් ලෙසින් සමවූවත් වැඩිම උත්සාහක දිනුම් ලබාගත් කණ්ඩායම වශයෙන් පිලිපීනය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

තුලෙයිබ් හසන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම තරග කළේය.

..


අදහස් (0)

19 න් පහළ ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.