Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හිමාෂ ඒශාන්ට තවත් රන් පදක්කමක්

හිමාෂ ඒශාන්ට තවත් රන් පදක්කමක්

editorial - 2019 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ ඒශාන් අද (18 වැනිදා) සමත් විය. ඔහු එම පදක්කම දිනාගත්තේ මීටර 100 අවසන් මහ තරගයේදී තත්පර 10.54 ක කාලයක් වාර්තා කරමිනි. 

එම ඉසව්වේ රිදී සහ ලෝක පදක්කම් දිනාගැනීමට මැලේසියානු ක්‍රීඩකයන් වන මුහම්මද් හකීම් සහ නික්සන් කෙනෙඩි සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් තත්පර 10.62 කින් සහ තත්පර 10.78 කින් අවසන් මහ තරගය නිමා කළහ. 

මූලික වටයේදී තමා සහභාගි වූ තරගය තත්පර 10.61 ක කාලයක් වාර්තා කරමින් ජයගත් හිමාෂ, අවසන් පූර්ව තරගයේදී තත්පර 10.60 ක කාලයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

මෙම තරගාවලියට සහභාගි වී සිටින සුමේධ රණසිංහ හෙට (19 වැනිදා) පස්වරු 4.00 ට හෙල්ල විසිකිරීමේ පිරිමි අවසන් තරගයටත්, විදූෂා ලක්ෂානි හෙට පස්වරු 8.20 ට තුන් පිම්ම කාන්තා අවසන් තරගයටත් සහභාගී වීමට නියමිතය. 

-036


අදහස් (1)

හිමාෂ ඒශාන්ට තවත් රන් පදක්කමක්
  • sam Tuesday, 23 July 2019 08:55 AM

    මොන රන් පදක්කමක් ගත්තත් අපේ රටට වැදගත් නැහැ වගේ නේද? එහෙන් මෙහෙන් පත්තරේක දෙකක දැක්කා. එච්චරයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.