Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සාග් පදක්කම්ලාභීන්ට මිලියන 85ක තෑගි මල්ලක්

සාග් පදක්කම්ලාභීන්ට මිලියන 85ක තෑගි මල්ලක්

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම්ලාභීන් අගයමින් ඔවුන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගිය 14 වැනි දින රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී සිදු කෙරුණි.

එහිදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන නවයකට ආසන්න මුදලක් ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකාව 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී දිනාගත් මුළු පදක්කම් ගණන 251ක් වූ අතර එහිදී රන් පදක්කම් 40ක් හිමිකර ගැනීමට ද සමත්විය.

එම සෑම පදක්කම්ලාභියකුටම රුපියල් ලක්ෂ තුනේ සිට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය. එහිදී පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතරක් දිනා දුන් මැතිව් අබේසිංහ වෙනුවෙන් ඔහුගේ පියා වන ප්‍රවීණ පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුදල් ත්‍යාගය බාරගත්තේය. මලල ක්‍රීඩා රන් පදක්කම්ලාභීන් වන ඉඳුනිල් හේරත් (මීටර 800 - පිරිමි), ඔමායා උදයාංගනි (මීටර 4x400 - කාන්තා) විනෝජ් සුරංජන (මීටර 100x4 - පිරිමි) රිදී පදක්කම්ලාභිණි ගයන්තිකා අබේරත්න (මීටර 800 - කාන්තා) පිහිනුම් සහය ඉසව් රන් පදක්කම්ලාභි අකලංක පීරිස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් මුදල් තිළිණ ලබාගත්නා ලදී.

මෙම අවස්ථාවට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාද සහභාගි විය.

 

ඉඳුනිල් හේරත්

 

ඔමායා උදයාංගනි

 

විනෝජ් සුරංජය ද සිල්වා

 

ගයන්තිකා අබේරත්න

 

අකලංක පීරිස්

 

අමාෂා ද සිල්වා

 

දුලක්ෂි වීරසිංහ

 

හෂිනි බාලසූරිය

 

රාජිත රාජකරුණා

 

ලක්මාල් ගුණරත්න

 

සෙනිර ගුණරත්න

 

චානක සංදීප්

 

සදීපා හෙන්ඩර්සන්

 

කෞෂල්‍යා මධුෂානි


(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 


අදහස් (0)

සාග් පදක්කම්ලාභීන්ට මිලියන 85ක තෑගි මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.