Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන පථයේ සුපිරි තරුවක් වූ ෂෙහාන් අඹේපිටිය ඉකුත් 17 පැවති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිය අවසන් දක්ෂතාවය පෙන්වමින් ක්‍රීඩා පිටියෙන් සමුගත්තේය.  සිය අවසන් තරගාවලියේ දී  මීටර් 200 පිරිමි ඉසව්වේ සිව්වැනි තේරීම් තරගයේ දී තත්පර 21.52 ජයග්‍රාහී නිමාවක් සනිටුහන් කිරීමට අඹෙිපිටිය සමත් විය .

 දැනට 30 හැවිරිදි වියේ පසුවන ෂෙහාන් රාජගිරිය ජනාධිපති විදුහලේ සහ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දීප්තිමත් ආදිශිෂ්‍යයෙකු වන අතර වසර 10 කට වැඩි කාලයක් කෙටිදුර ධාවන පථයේ දස්කම් දැක්වීය. ෂෙහාන් කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන කාලයේ දී දකුණු  ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙසත් ආසියාවේ දෙවන වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩකයා ලෙසත් ලොව හත්වැනි වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩකයා ලෙසත් ෂෙහාන් අඹේපිටිය නම් දැරීය .

2008 වර්ෂයේ දී යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ මීටර් 100 හා 200 රන් පදක්කම් ලංකාවට දිනා දෙමින් ෂෙහාන් සිය ක්‍රීඩා දිවියේ ඉහළම දක්ෂතාවය පෙන්වූ අතර මේ වනතෙක් කිසිවෙකු එම වාර්තාව බිද හෙළා නැත.

2009 වර්ෂයේ දී හොංකොං හි පැවති  ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ අදියර තුනේම මීටර් 100 රන් පදක්කම් දිනා ගැනීමට අඹේපිටිය සමත්වන අතර 2010 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ පළමු අදියරේ මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම වසරේම දකුණු ආසියානු කීඩා උලෙලේ මීටර් 100 රිදී පදක්කම දිනාගත් ෂෙහාන් මීටර් 100x4 සහය දිවීමේ කණ්ඩායමට ද සිය දායකත්වය දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

2018 වර්ෂයේ දී ෂෙහාන් ප්‍රමුඛ සහය දිවීමේ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නේ තත්පර 39:08 කින් සිය ඉසව්ව නිමා කරමින් අවසන් මහ තරගයේ 6 වැනි ස්ථානය දිනා ගනිමිනි.

අවසන් වසර කිහිපයේ දී ද ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමේ නායකයා වශයෙන් ෂෙහාන් කටයුතු කළේය.

 


අදහස් (0)

ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.