Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංගා බන්දු කුසලාන ආරාධිත පාපන්දු තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශය ගෝල 3-0 ක පහසු ජයක් අත්කර ගත්තේය. බංග්ලාදේශයේ ඩකා නුවරදී අද (19 වැනිදා) පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා පලස්තීනයට එරෙහිව පැවැති තරගයේදීත් ගෝල 2-0 ක පරාජයක් ලැබීය. ඒ අනුව මේ දක්වා තරග දෙකකට පමණක් සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එකම ගෝලයක් හෝ ලබාගැනීමට සමත්වී නැතත් ප්‍රතිවාදීන්ට ගෝල 5 ක් තිළිණ කර තිබේ.
තරගයේ 17 වැනි විනාඩියේදී බංග්ලාදේශයේ මාටින් මියා පළමු ගෝලය ලබාගත්තේය. තරගයේ 32 සහ 37 වැනි විනාඩි වලදී ආදේශ ක්‍රීඩකයන් දෙදෙනකු යෙදවීමට ශ්‍රී ලංකා පුහුණුකරු රූමි පකීර් අලී මහතා පියවර ගත් නමුත් තරගයේ පළමු අර්ධය නිමා වූයේ 1-0 ක් ලෙසින් බංග්ලාදේශය ඉදිරියෙන් සිටිමිනි.
දෙවැනි අර්ධයේ (63 වැනි විනාඩියේදී) පිටිය මැදදීම පන්දුව ලබාගත් මාටින් මියා එය දැළ ආසන්නයටම තනිවම රැගෙන ගියේ ශ්‍රී ලංකා පිලේ ආරක්‍ෂකයන් මුළා කරමිනි. පසුව දැළ රකින්නාද අන්ද මන්ද කළ මියා 64 වැනි විනාඩියේදී දැළ තුළට පන්දුව යැවූයේ 2-0 ක් ලෙසින් බංග්ලාදේශය ඉදිරියට ගෙන එමිනි.
තරගය නිමා වීමට විනාඩි 7 ක් තිබියදී පන්දුව ලබාගත් බංග්ලාදේශයේ මොහොමඞ් ඊබ්‍රහිම් තවත් ගෝලයක් ලබාගත්තේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමග මෙම තරගාවලියට සහභාගි වී සිටින පුහුණුකරු රූමී පකිර් අලි මහතාගේ බලාපොරොත්තු සියල්ලම බොඳකර දමමිනි.
මෙම තරගාවලියෙන් පසුව පකීර් අලී මහතාගේ සේවය ස්ථිර ලෙසින්ම අවසන් කිරීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
ඡායාරූපය : ද ඩේලි ස්ටාර් අනුග්‍රහයෙනි
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.