Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව - තුර්ක්මෙනිස්තානය පාපන්දු තරගය හෙට

ශ්‍රී ලංකාව - තුර්ක්මෙනිස්තානය පාපන්දු තරගය හෙට

නාමල් පතිරගේ - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව හා තුර්ක්මෙනිස්තානය අතර ලෝක කුසලාන (2022-කටාර්) ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයේ පාපන්දු තරගය හෙට (5) රාත්‍රී 7.30ට රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

 


මැකාවෝ රාජ්‍යයට එරෙහිව නිතරග ජයක් ලබමින් ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී ශ්‍රී ලංකාව ලබන වසරේ ජුනි 4 වැනිදා දක්වා සුදුසුකම් ලැබීමේ තරග අටකට සහභාගි වීමට නියමිතය.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 132 වැනි ස්ථානයේ පසුවන තුර්ක්මෙනිස්ථානය ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ වසර 15 කට පසුවය.

අවසන් වරට වසර 2004 දී ඔවුන් ශ්‍රී ලංකාවට මුණගැසී ඇත්තේ ලෝක කුසලාන සුදුසුකම් සපිරීමේ තරග වටයකට සහභාගි වෙමිනි. එහිදී ශ්‍රී ලංකාව එම එක් තරගයකින් පරාජය වී (2-0) සෙසු තරග ජය පරාජයෙන් තොරව (2-2) අවසන් කර තිබේ.

පසුගිය සෙනසුරාදා (31) බහරේන්හිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ජාත්‍යන්තර (සුහද) තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් කවිඳු ඉෂාන් අද තරගයේදීත් තවදුරටත් කණ්ඩායම් නායකත්වය දරයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 5-1 පරාජයක් ලැබිය.

තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම අද පස්වරුවේදී සිදු කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් උමාර් ජස්වර් මහතා පවසයි. සංචාරක තුර්ක්මෙනිස්තාන ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (3) දිවයිනට ළඟා විය.

අද (4) පාපන්දු නිවසේදී පැවැති මාධ්‍ය හමුවේදී ජාතික පාපන්දු පුහුණුකරු රූම් පකිර්අලි මහතා පැවසුවේ තරගයේ ජයග්‍රහණය කෙරෙහිම සිය කණ්ඩායම විශ්වාසය තබා කටයුතු කරන බවයි.

 මෙම තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය උතුරු කොරියාවට එරෙහිව ලබන අඟහරුවාදා (10) සුගතදාස පිටියේදී පැවැත්වේ. ඊට සහභාගි වන උතුරු කොරියානු පාපන්දු කණ්ඩායම ලබන ඉරිදා (8) දිවයිනට ළඟාවීමට නියමිතය.

තුර්ක්මෙනිස්තානය අද තරගයෙන් පසුව ලබන ඉරිදා දකුණු කොරියාවට එරෙහිව සත්කාරය දරමින් ලෝක කුසලාන ආසියානු දෙවැනි වටයේ දෙවැනි තරගයට සහභාගි වේ.

ඔවුන් වසර 2006 දී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 160 දක්වා පහළට ගොස් මේ වනවිට (2019) එම ශ්‍රේණිගත කිරීම් අනුව 132 දක්වා ඉහළට පැමිණීමට සමත්ව සිටි කණ්ඩායමකි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන්නේ 200 වැනි ස්ථානයේය


අදහස් (0)

ශ්‍රී ලංකාව - තුර්ක්මෙනිස්තානය පාපන්දු තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.