Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව තවදුරටත් II කොටසේ රැඳෙයි

ශ්‍රී ලංකාව තවදුරටත් II කොටසේ රැඳෙයි

ශානුක අරවින්ද - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තජිකිස්තානයේ දුෂාන්බි නුවරදී පැවැති සම්මේලන කුසලාන (ෆෙඞ් කප්) ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය II වැනි කොටසේ තරගවලදී සිංගප්පූරුව සහ පිලිපීනය හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට එහි I වැනි කොටසට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

ආසියා ශාන්තිකර කළාපීය II වැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාව, මූලික වටයේ පළමු තරගයේදී ඉරානයට එරෙහිව 2-1 ක ජයක් වාර්තා කළද, එහි දෙවැනි තරගයේදී 2-1 ක් ලෙස සිංගප්පූරුව හමුවේ පරාජයට පත්විය. ඉන් අනතුරුව ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී පිලිපීනය හමුවේද 2-0 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජයට පත් වූහ.

සිංගප්පූරුවට එරෙහිව පැවැති පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ලයනල් එන් ටොග් පරාජය කිරීමට සමත් වූ අංජලිකා කුරේරා තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට ගෙන ආවාය. කෙසේ වුවත් දෙවැනි කේවල තරගයේදී චාමේන් ශියි සේ හමුවේ වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය පරාජයට පත්වීම හේතුවෙන් තරගය 1-1 ක් ලෙස සම තත්වයට පත්විය.

කණ්ඩායම් දෙකටම තීර්ණාත්මක වූ යුගල තරගයේදී අංජලිකා කුරේරා සහ ජනාලි මනම්පේරිට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කළ චාමේන් ශියි සේ සහ ඈෂ්ලි කී යෙම් සමස්ත තරගයෙන් සිංගප්පූරුවට 2-1 ක ජයක් අත්කර දීමට සමත් වූහ.

පිලිපීනයට එරෙහිව පැවැති පළමු කේවල තරගයේදී වට 2-1 ක් ලෙස අංජලිකා කුරේරා පරාජය කිරීමට කිම් ග්ලුපාස් සමත් වූ අතර දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය පරාජය කිරීමට මැරියන් ජේඞ් සමත් වූවාය. ඒ අනුව යුගල තරගය ක්‍රීඩා නොකරම 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ‘බී’ කොටසේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට පිලිපීනය සමත් විය.


ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය
■    අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ලයනල් එන් ටොග් (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (6/4, 7/5)
■    චාමේන් ශියි සේ (සිංගප්පූරුව) විසින් වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/3, 7/6)
■   චාමේන් ශියි සේ සහ ඈෂ්ලි කී යෙම් (සිංගප්පූරුව) විසින් වට 2-0 ක් ලෙස අංජලිකා කුරේරා සහ ජනාලි මනම්පේරි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (7/6, 3/2)


ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය
■    කිම් ග්ලුපාස් (පිලිපීනය) විසින් වට 2-1 ක් ලෙස අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (1/6, 6/1, 6/0)
■    මැරියන් ජේඞ් (පිලිපීනය) විසින් වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/3, 6/1)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව තවදුරටත් II කොටසේ රැඳෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.