Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේල්සය අවසන් පූර්ව සටනට

වේල්සය අවසන් පූර්ව සටනට

editorial - 2019 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේල්සය නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (20) සමත් විය. ඔයිටාහිදී අද පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී වේල්ස් ක්‍රීඩකයෝ ලකුණු 20-19 කින් ප්‍රංශය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

වේල්සය රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 1987 සහ 2011 යන තරගාවලිවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මීට පෙර තරගාවලි අටෙන් හයකදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබා සිටි ප්‍රංශය මෙම තියුණු පරාජයත් සමඟ තරගාවලියෙන් විසිවීම කැපී පෙනේ. ප්‍රංශය මීට පෙර 1987, 1995, 1999, 2003, 2007 සහ 2011 වසරවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටියේය.  

ප්‍රංශය තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-10 ක් ලෙස ලකුණු නවයකින් ඉදිරියෙන් සිටිය ද තරගයේ 75 වැනි මිනිත්තුවේදී වේල්සය ලකුණකින් ඉදිරියට පැමිණියේය. ජයග්‍රාහි වේල්සය ගෝල දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු 20 රැස්කළේය. ප්‍රංශය ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 19 එකතු කරගත්තේය.

ප්‍රංශ ක්‍රීඩකයෝ පළමු අර්ධයේ 6 වැනි මිනිත්තුවේදී සිට 9 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු තුනක් තුළ ගෝලයක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 12-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. වේල්ස් පිලට 12 වැනි මිනිත්තුවේදී ගෝලයකින් ලකුණු 7 ක් එකතු වීමත් සමඟ ලකුණු     පුවරුව 12-7 ක් බවට පත්විය.

වේල්ස් පිලට 19 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 10-12 ක් බවට පත්ව තරගය තවත් උණුසුම් විය. එම උණුසුමත් සමඟ මිනිත්තු 12 ක කාලයක් කණ්ඩායම් දෙකටම ගෝල සීමාව අක්‍රමණය කිරීමට නොහැකි විය. ප්‍රංශ ක්‍රීඩක වකටාව සම්පූර්ණ කළ උත්සාහක දිනුමට අතිරේක ලකුණු එකතු වීමත් සමඟ ලකුණු පුවරුව 19-10ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ 15 වැනි මිනිත්තුවේදී බිගර්, වේල්සයට දඩුවම් පහරකින් ලකුණු තුනක් එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 19-13 ක් බවට පත්ව ප්‍රංශ පිල නැවතත් සසළ විය.

මොරියද්‍රි 74 වැනි මිනිත්තුවේදී වේල්ස්යට එකතු කළ ඉතිහාසය වෙනස් කළ උත්සාහක දිනුම බියර් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 20-19 කින් වේල්සය පළමු වරට ඉදිරිය වෙන්කරගත්තේය.

වේල්ස් පිලට තවත් මිනිත්තු පහක් පමණක් ආරක්‍ෂා කරගැනීමට සිදුවූ අතර එය සාර්ථක කරගැනීමට වේල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.


 

- 048
 


අදහස් (0)

වේල්සය අවසන් පූර්ව සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.