Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝචන - ඩිල්මි කනිෂ්ඨ ශූරතා දිනති

ලෝචන - ඩිල්මි කනිෂ්ඨ ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 37 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස 19 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට ලෝචන ද සිල්වා සහ ඩිල්මි ඩයස් සමත් වූහ.

වයස 19 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස තුලිත් පල්ලියගුරු පරාජය කරමින් ලෝචන මෙවර කනිෂ්ඨ ජාතික ශූරයා බවට පත් විය. කේවල අවසන් මහ තරගයේදී සිය ප්‍රතිවාදියා වූ තුලිත් සමග එක්ව වයස 19 න් පහළ බාලක යුගල ශූරතාව දිනාගැනීමටද ලෝචන සමත් විය. ඒ යුගල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස දීගායු කහටපිටිය සහ ලකිඳු රණවීර පරාජය කරමිනි.

ඩිල්මි මෙවර කනිෂ්ඨ ජාතික ශූරිය බවට පත්වූයේ වයස 19 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ජනනුවනි අල්විස් පරාජය කරමිනි. ඉන් නොනැවතුන ඩිල්මි, සිය සහායක ක්‍රීඩිකාව වූ අනුරංගි මසකෝරාල සමග එක්ව වට 2-0 ක් ලෙස නිලාසි බාලසූරිය සහ ඔෂිනි පිලපිටිය පරාජය කරමින් වයස 19 න් පහළ බාලිකා යුගල ශූරතාවටද හිමිකම් කීවාය.

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.

ක්‍රීඩා සංවර්ධ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් රැසක්ද එම අවස්ථාවට එක් වූහ.


තරග ප්‍රතිඵල (බාලක)

වයස 19 න් පහළ කේවල
ලෝචන ද සිල්වා විසින් වට 2-1 ක් ලෙස තුලිත් පල්ලියගුරු පරාජය කරන ලදි. (19/21, 21/19, 21/12)

වයස 19 න් පහළ යුගල
ලෝචන ද සිල්වා සහ තුලිත් පල්ලියගුරු විසින් වට 2-1 ක් ලෙස දීගායු කහටපිටිය සහ ලකිඳු රණවීර පරාජය කරන ලදහ. (19/21, 26/24, 21/18)

වයස 17 න් පහළ කේවල
විරේන් නෙත්තසිංහ විසින් වට 2-0 ක් ලෙස සිතුම් පෙරේරා පරාජය කරන ලදි. (21/14, 21/15)

වයස 17 න් පහළ යුගල
තෙනුක ද සිල්වා සහ විරේන් නෙත්තසිංහ විසින් වට 2-0 ක් ලෙස තරූෂ මධුභානු සහ ඔෂාමික සත්රුවන් පරාජය කරන ලදහ. (21/15, 21/14)

වයස 15 න් පහළ කේවල
විදුෂ් සුමනදාස විසින් වට 2-1 ක් ලෙස සචේන් ප්‍රනාන්දු පරාජය කරන ලදි. (21/11, 15/21, 25/23)

 

වයස 15 න් පහළ යුගල
ලුවින් කොඩිප්පිලි සහ විදුෂ් සුමනදාස විසින් වට 2-1 ක් ලෙස සචේන් ප්‍රනාන්දු සහ පවිත් ජයතිලක පරාජය කරන ලදහ. (22/20, 12/21, 21/18)

වයස 13 න් පහළ කේවල
අකිඳු මෙත්මික විසින් වට 2-0 ක් ලෙස ඩිලන්ක ඉඳුසර පරාජය කරන ලදි. (17/15, 15/5)

වයස 13 න් පහළ යුගල
පමිත් අත්තනායක සහ තිදස වේරගොඩ විසින් වට 2-0 ක් ලෙස සනුද ආරියසිංහ සහ රන්තුක රූපතුංග පරාජය කරන ලදහ. (15/9, 15/7)

වයස 11 න් පහළ කේවල
සෙනුත් පෙරේරා විසින් වට 2-0 ක් ලෙස වේදක ගෝමස් පරාජය කරන ලදි. (15/10, 9/15, 15/11)

 

තරග ප්‍රතිඵල (බාලිකා)
වයස 19 න් පහළ කේවල
දිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අල්විස් පරාජය කරන ලදි. (21/10, 21/5)

වයස 19 න් පහළ යුගල
දිල්මි ඩයස් සහ අනුරංගි මාසකෝරාල විසින් වට 2-0 ක් ලෙස නිලාසි බාලසූරිය සහ ඔෂිනි පිලපිටිය පරාජය කරන ලදහ. (21/11, 21/13)

වයස 17 න් පහළ කේවල
පංචාලි අධිකාරි විසින් වට 2-1 ක් ලෙස යෙහෙනි කුරුප්පු පරාජය කරන ලදි. (21/16, 11/21, 21/16)

වයස 17 න් පහළ යුගල
පංචාලි අධිකාරි සහ මනුදි මිතාරා විසින් වට 2-1 ක් ලෙස යෙහෙනි කුරුප්පු සහ අයිෂ්චර්යා රවිචන්ද්‍රන් පරාජය කරන ලදහ. (23/21, 15/21, 21/13)

වයස 15 න් පහළ කේවල
ප්‍රවීනා විජේසුන්දර විසින් වට 2-0 ක් ලෙස සෙනුජි උමගලියගේ පරාජය කරන ලදි. (21/19, 21/19)

වයස 15 න් පහළ යුගල
මනීෂා අභිමානි සහ සමින්දි ඔනේල් විසින් වට 2-0 ක් ලෙස නෙත්මි නාගහවත්ත සහ තෙව්නි විජේසූරිය පරාජය කරන ලදහ. (21/16, 21/19)

වයස 13 න් පහළ කේවල
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස දසිත්මා ජයතිලක පරාජය කරන ලදි. (15/7, 15/11)

වයස 13 න් පහළ යුගල
දසිත්මා ජයතිලක සහ රනිත්මා ලියනගේ විසින් වට 2-1 ක් ලෙස කොමුතු කුමාරප්පෙරුම සහ සිතුකි ඔනාදි පරාජය කරන ලදහ. (15/6, 10/15, 15/6)

වයස 11 න් පහළ කේවල
විශ්වානී වන්නිආරච්චි විසින් වට 2-0 ක් ලෙස නෙත්මි රත්නායක පරාජය කරන ලදි. (15/9, 15/6)

 


අදහස් (0)

ලෝචන - ඩිල්මි කනිෂ්ඨ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.