Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝද පුටු ටෙනිස් ජාතික ශූරතාව රණවීරට

රෝද පුටු ටෙනිස් ජාතික ශූරතාව රණවීරට

ශානුක අරවින්ද - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 104 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ රෝද පුටු කේවල ශූරතාව දිනාගැනීමට ලසන්ත රණවීර සමත් විය. ඒ එම ඉසව්වේ අවසන් මහ තගරයේදී වට 2-1 ක් ලෙස ඩී.එස්.ආර්. ධර්මසේන පරාජය කරමිනි.

අවසන් තරගයේ පළමු වටය ලකුණු 6/1 ක් ලෙස ජයගැනීමට රණවීර සමත් වුවද, දෙවැනි වටය ලකුණු 6/4 ක් ලෙස ජයගැනීමට ධර්මසේන සමත් වීමත් සමග තරගය සම තත්වයට පත් විය. කෙසේ වුවත් දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටයේදී ලකුණු 6/2 ක ජයක් ලැබූ රණවීර, සමස්ත තරගයේ ජය වට 2-1 ලෙස තමන් සතුකර ගත්තේය.

ඩී.එම්. ගාමිණීට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක ජයක් වාර්තා කරමින් රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ධර්මසේන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ඩබ්ලිව්.පී.ජේ. විජේසිරි පරාජය කරමිනි.

කේවල අවසන් මහ තරගයේදී සිය ප්‍රතිවාදියා වූ ධර්මසේන සමග එක්ව යුගල ඉසව්වේ ශූරතාව දිනාගැනීමටද රණවීර සමත් විය. අවසන් මහ තරගයේදී එන්.ආර්.එල්. ජයසුන්දරට සහ ඩබ්ලිව්.පී.ජේ. විජේසිරිට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් රණවීර සහ ධර්මසේන යුගල ශූරතාවට හිමිකම් කීහ.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සඳහා රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෝ 8 දෙනෙක් සහභාගි වූහ.
 
අවසන් මහ තරග ප්‍රතිඵල

රෝද පුටු කේවල
ලසන්ත රණවීර විසින් තරග වට 2-1 ක් ලෙස ඩී.එස්.ආර්. ධර්මසේන පරාජය කරන ලදි. (6/1, 4/6, 6/2)

රෝද පුටු යුගල
ලසන්ත රණවීර සහ ඩී.එස්.ආර්. ධර්මසේන විසින් තරග වට 2-0 ක් ලෙස එන්.ආර්.එල්. ජයසුන්දර සහ ඩබ්ලිව්.පී.ජේ. විජේසිරි පරාජය කරන ලදහ. (6/2, 6/1)

 


අදහස් (0)

රෝද පුටු ටෙනිස් ජාතික ශූරතාව රණවීරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.