Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරයි

මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරයි

editorial - 2020 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 84 කදී 2/189

මන්දාලෝක තත්වය හේතුවෙන් පළමු දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 189 ක් රැස්කර සිටියේය. 

ක්‍රෙග් එර්වින් ලකුණු 55 ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 13 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 81 කදී 2/188

ක්‍රෙග් එර්වින් සිය සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට සමත්විය. ඒ සඳහා ඔහුට පන්දු 100 වැය විය. සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල පළමු වරට මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබා ගැනීමට සමත්වී ඇත.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 76 කදී 2/164

කෙවින් කසූසා ලකුණු 63 ක් රැස්කර සිටියදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඒ අනුව දෙවැනි කඩුල්ලට සඳහා පැවැති ලකුණු 68 ක සම්බන්ධතාවයද බිඳ වැටුණි.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 60 කදී 1/114

මංගල ටෙස්ට් තරගයට සහභාගී වන කෙවින් කසූසා සිය අර්ධ  ශතකය පන්දු 178 කදී වාර්තා  කිරීමට සමත්විය.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 57 කදී 1/108

තේ පානය සඳහා තරගය නතර කරනවිට සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 108 ක් රැස්කර සිටියේය. කෙවින් කසූසා ලකුණු 48 ක් ලබාගනිමින් මංගල තරගයේදීම සිය මංගල ටෙස්ට් අර්ධ ශතකයට ලංවී සිටින අතර ක්‍රෙග් එර්වින් ලකුණු 4 ක් ලබාගනිමින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටින්නේය.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 51 කදී 1/96

සිම්බාබ්වේ පිලේ පළමු කඩුල්ල ලෙස ප්‍රින්ස් මස්වවුරේ දවා ගැනීමට වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සමත්විය. මිනිත්තු 215 ක් පුරා පන්දු 149 කට මුහුණදුන්  රින්ස් මස්වවුරේ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් රැස් කිරීමට සමත්විය. එම ලකුණු 55 ඔහු ඉනිමක රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව විය.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 42 කදී 0/80

තෙවැනි ටෙස්ට් තරගයට සහභාගීවන ප්‍රින්ස් මස්වවුරේ මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 27 කදී 0/62

දිවා ආහාරයක සඳහා තරගය නතර කරනවිට සිම්බාබ්වේ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 62 ක් ලබාසිටියේය. සෙමින් සෙමින් ලකුණු රැස්කිරීමේ නිරත වන ආරම්භක පිතිකරුවන් වූ ප්‍රින්ස් මස්වවුරේ ලකුණු 42 ක් සහ කෙවින් කසූසා ලකුණු 20 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. 

ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 5 දෙනෙකු යොදාගත්තද තරග ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් කාළය තුල කඩුලු දවාගැනීමට අවස්ථාවක් ලබානොදුන් සිම්බාබ්වේ පිතිකරුවෝ තරගයේ පාළනය සියතට ගත්හ.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ - ඕවර 15 කදී 0/32

ප්‍රින්ස් මස්වවුරේ ලකුණු 21 ක් සහ කෙවින් කසූසා ලකුණු 11 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් සිවුදෙනෙකු යොදාගනිමින් පන්දු යැව්වද මේ වනතෙක් සිම්බාබ්වේ පිලේ කඩුල්ලක් දවාගැනීමට ඔවුන් අපොහොසත් වූහ.

-------------------------------------------------------------------------------------------------------------

සිම්බාබ්වේ කණ්ඩායමේ කෙවින් කසූසා, ප්‍රින්ස් මස්වවුරේ සහ අයින්ස්ලි න්ලෝවු අද සිය මංගල ටේස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සුදානමෙන් පසුවෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රාජිත, ළහිරු කුමාර.

සිම්බාබ්වේ කණ්ඩායම

ෂෝන් විලියම්සන් (නායක), සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, ක්‍රෙග් එර්වින්, කයිල් ජාවේස්, කෙවින් කසූසා, ප්‍රින්ස් මස්වවුරේ, අයින්සිලි ඩොලුවා, වික්ටර් යයුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ් ටිරිපානෝ.

කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායමේ නායක සීන් විලියම්සන් පන්දුවට පහරදීමට තීරණයට කළේය.

 


අදහස් (0)

මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.