Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙයාර්ස්ටෝ පාකිස්තානුවන්ට තලයි

බෙයාර්ස්ටෝ පාකිස්තානුවන්ට තලයි

රොෂාන් ගුණරත්න - 2019 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොනී බෙයාස්ටෝගේ විශිෂ්ට ශතකය නිසා එංගලන්තය සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල්හිදී ඊයේ (15 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 359 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 44.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. 

මෙම ජයත් සමග තරග 5 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකිවිය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් විය. 

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය 7 වැනි එක්දින ශතකය ලබාගත් ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ පන්දු 93 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 128 ක් රැස්කිරීමට සමත් විය. ජේසන් රෝයි (76) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 159 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෙයාස්ටෝ සමත් විය. 

පන්දු 55 කදී වාර්තා වූ ජේසන් රෝයිගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ජෝ රූට් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක්ද, මුයින් අලී පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 46 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඉමාම් උල් හක් පන්දු 131 කදී ලකුණු 151 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගිනි. අසීෆ් අලී (52) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉමාම් සමත් විය. පන්දු 43 කදී වාර්තා වූ අලීගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. 

හාරිස් සොහේල් පන්දු 41 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 41 ක්ද, නායක සර්ෆරාස් අහමඞ් පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, ඉමාඞ් වසීම් පන්දු 12 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් වෝක්ස් ලකුණු 67 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් ටොම් කරන් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 74 ක් ලබාදෙමිනි.  

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 358 
(ඉමාම් උල් හක් 151, හරිස් සොහෙල් 41, සර්ෆ්‍රාස් අහ්මඞ් 27, අසීෆ් අලී 52, ඉමාඞ් වසීම් 22, ක්‍රිස් වෝක්ස් 67/4, ටොම් කරන් 74/2) 

එංගලන්තය - ඕවර 44.5 කදී කඩුලු 4 ක් දැවී 359 
(ජේසන් රෝයී 76, ජොනී බෙයාස්ටෝ 128, ජෝ රූට් 43, බෙන් ස්ටෝක්ස් 37, මුයින් අලී නොදැවී 46) 

-036


අදහස් (0)

බෙයාර්ස්ටෝ පාකිස්තානුවන්ට තලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.