Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙල්ප්ස් ආපසු එයි... ඒත්...

පෙල්ප්ස් ආපසු එයි... ඒත්...

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් -8 ක් දිනා ගත් මයිකල් පෙල්ප්ස් නැවතත් පිහිනුම් තටාකට පිවිසි ආකාරය දෙස තවත් මයිකල් කෙනෙක් මහත් උනන්දුවෙන් බලා සිටියේය. තවමත් 15 හැවිරිදි මයිකල් ඇන්ඩෲ තවත් වසර කිහිපයකින් දෙවැනි මයිකල් පෙල්ප්ස් කෙනකු වන්නට සිහින මවමින් සිටී.

”ඔහු මේ තරගාවලියේ තරග වැදීම මට මහත් පුදුමයක් වගේ. මොකද මට ඔහුත් එක්ක එකට පිහිනන්න අවස්ථාව ලැබුණ නිසා” යයි පැවසූ කුඩා මයිකල් ඇන්ඩෲ උපත ලැබුවේ එවකට 15 හැවිරිදි වියේ සිටි මයිකල් පෙල්ප්ස් 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට වසරකට පෙරදීය.

අඩි 6 අගල් 5 ක් උස කී‍්‍රඩකයකු වන ඇන්ඩෲ ඇමරිකා එක්සත් ජනපදයේ වයස් කාණ්ඩ පිහිනුම් තරග වලදී මයිකල් පෙල්ප්ස් විසින් පිහිටුවන ලද වාර්තා එකින් එක බිඳ දමමින් සිටී. පෙල්ප්ස් වයස 15 දී වෘත්තීය පිහිනුම් කී‍්‍රඩකයකු වුවත් මයිකල් ඇන්ඩෲ පිහිනුම් වෘත්තියට පිවිසෙන්නේ වයස 14 දී, එනම් පෙල්ප්ස්ට වඩා වසරකටත් කලිනි. එහෙත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් අතරේ තමන්ගේ ආත්ම විශ්වාසය රඳවා ගනිමින් පිහිනුම් තටාකයට පිවිස තරග වැදීමට ඇන්ඩෲ සමත්ය.

”මේ තරගවාරය එන්නත් කලින් වයස් කාණ්ඩ තරග වාර්තා 40 ක් විතර බිඳ දමන්න පුළුවන් නම් හොඳයි කියා හිතුණා. ඒත් මේ වන විටත් තරග වාර්තා 44 ක් බිඳ වැටිලා තියෙනවා... ඒක ඉතාමත් හොඳයි” යයි මයිකල් ඇන්ඩෲ පවසා තිබිණ.

එහෙත් ඇන්ඩෲ වඩාත්ම උනන්දු වන්නේ තම හැකියාවන් පිළිබඳ මයිකල් පෙල්ප්ස් පැවසූ කරුණු සම්බන්ධයෙනි.

”ඒක අති විශාල ගෞරවයක්...ඔහු සදාකාලික වීරයෙක්. ඔහු හා සංසන්දනය කරන්න කිසිවෙක් නෑ” යයි මයිකල් ඇන්ඩෲ පැවසීය.

වසර එක හමාරකට වැඩි කාලයක් පිහිනුම් කී‍්‍රඩාවෙන් සමුගෙන සිටි මයිකල් පෙල්ප්ස් පසුගියදා නැවත වරක් තරගකාරී පිහිනුම් තටාකයට පිවිසියේය. අනතුරුව පැවැති මීටර 100 සමනළ ආර ඉසව්වේදී ඇමරිකානු පිහිනුම් කණ්ඩායමේ ප‍්‍රබලයකු වන රයාන් ලොච්ට පමණක් පෙල්ප්ස් දෙවැනියා විය.

”මට පේන විදිහට නම් මේ කොල්ලා දක්‍ෂයෙක් වගේ. ඒත් මිනිහා පිහිනන තරග කිහිපයක් බලන්න මම කැමතියි” යයි පෙල්ප්ස් පවසා තිබිණ.

මාස 20 කට පසුව සිය මුල්ම පිහිනුම් තරගයට මුහුණ දුන් මයිකල් පෙල්ප්ස් කියා සිටියේ තමන්ට තවමත් කුඩා දරුවකුගේ උනන්දුව තිබෙන බවත් පුනරාගමනයෙන් පසු තමන්ගේ ගමන් මග කොයි ආකාරයේද යන්න පිළිබඳව දැනගැනීමට උනන්දුවෙන් සිටින බවත්ය.

”නැවත වතුරට පැනලා තරගයට පිහිනන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. කුඩා දරුවකුට තියෙන උනන්දුව මට තාමත් තියෙනවා. මෙහි තිබෙන හොඳම දේ ඒකයි” යයි මයිකල් පෙල්ප්ස් පැවසූවද 2016 රියෝ ද ජනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී පෙල්ප්ස්ට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් තවමත් අනාවැකි කිව නොහැකිය.

පිහිනුම් කී‍්‍රඩාවෙන් මයිකල් පෙල්ප්ස් දිනා සිටින ඔලිම්පික් පදක්කම් 22 කින් 18 ක්ම රන් පදක්කම් වන අතර ඒවායින් 8 ක් බීජිං නුවරදී දිනාගත් ඒවාය.

පුනරාගමනයෙන් පසුව පෙල්ප්ස් සිය පළමු තරගය සඳහා මීටර 50 නිදහස් ආර ඉසව්ව තෝරාගත්තේ එයද පුහුණුවීමක් ලෙස වුවත් මීටර 100 සමනළ ආර ඉසව්වේදී ඔහු රයාන් ලොච්ට දෙවැනියා විය. එහෙත් 2016 රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔහුට ඇත්තේ පහසු ගමනක් නොවේ.

කෙසේ වෙතත් පෙල්ප්ස් තමන්ගේ තත්ත්වය වටහාගෙන තිබේ. 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මෙන් පදක්කම් වැලක් සඳහා උත්සාහ නොකරන පෙල්ප්ස් කෙටි ඉසව් කිහිපයක් තෝරාගෙන ඇත. මීටර 100 සමනළ ආර එයින් එකකි.

පෙල්ප්ස්ගේ බලාපොරොත්තු- සියල්ලම ඉදිරියේ එන ඇමරිකානු ගෝන් පී‍්‍ර පිහිනුම් තරගාවලියේදී පෙල්ප්ස් දක්වන දස්කම් මත මෙන්ම පුහුණුවීම් මත රඳා පවතින බව පෙල්ප්ස්ගේ පුහුණුකරු බොබ් බෝමන් පවසයි.

 


අදහස් (0)

පෙල්ප්ස් ආපසු එයි... ඒත්...

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.