Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණුවීම් ආරම්භ කිරීමට කාලයක් ගතවේවී

පුහුණුවීම් ආරම්භ කිරීමට කාලයක් ගතවේවී

යොහාන් භාසුර - 2020 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයක පුහුණුවීම් ලබන ජූනි 01 වැනිදා ආරම්භ කිරීමට නොහැකි බවත් ඒ සඳහා කාලයක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. රග්බි ජාතික සංචිතයේ පුහුණුවීම් ද ලබන ජූනි 01 වැනිදා ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය සතියේ උපදෙස් දුන්නේය.

රග්බි ජාතික සංචිතයක් මේ දක්වා නම් කර නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යංශ අනුමැතිය දී තිබෙන නේවාසික සංචිතය පවත්වාගෙන යෑමේ සෙසු වියදම් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් ගුණරත්න මහතා පැවසීය.

“අප්‍රේල් මස තිබූ ආසියානු තරගාවලිය කල්දැමීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ළඟදී තරගාවලියක් නෑ. අපි සංචිතයක් නම් කරන්නේ තරගාවලියකට මාසයක් දෙකක් තිබියදීයි”
“ක්‍රීඩා අමාත්‍යංශය කියලා තියෙනවා පුහුණු සංචිතයේ ආහාරපාන සහ නේවාසික පහසුකම් පමණයි සපයන්නෙ කියලා. ඒ අනුව අපි පුහුණුකරුවන්, සෙසු නිලධාරීන් සහ ක්‍රීඩකයන් සඳහා ගෙවීම් කළ යුතු වෙනවා”

“අපේ රග්බි සංචිතයේ ක්‍රීඩකයන් 60 කට වඩා ඉන්නවා. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ නිර්දේශවලට අනුව නේවාසික පුහුණුව ක්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් නොවෙයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

පුහුණුවීම් ආරම්භ කිරීමට කාලයක් ගතවේවී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.