Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ඉහළ නැගීමේ උත්සහයක

පාකිස්තානය ඉහළ නැගීමේ උත්සහයක

editorial - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි නුවරදී හෙට (11 වැනිදා) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර ප්‍රසාද ලකුණු 95 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවෙයි. ප්‍රසාද ලකුණු 80 ක් ලබා සිටින පාකිස්තානයට හිමිව ඇත්තේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයයි.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 0-0 ක් ලෙස සමවුවද, ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රසාද ලකුණක් අහිමිවීමේ අවදානමක් තිබේ. එසේ වුවහොත් පාකිස්තානයට ප්‍රසාද ලකුණු 2 ක් එක්වනු ඇත.

තරගාවලිය 1-0 ක් ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණක් එක්වන අතර 2-0 ක් ලෙස ජය ගතහොත් ප්‍රසාද ලකුණු 2 ක් එක් වනු ඇත. පාකිස්තානය 1-0 ක් ලෙස තරගාවලිය පරාජයට පත් වුවහොත් එක් ප්‍රසාද ලකුණක් අහිමිවන අතර 2-0 ක් ලෙස තරගාවලිය පරාජයට පත් වුවහොත් ප්‍රසාද ලකුණු 3 ක් ඔවුන්ට අහිමිවනු ඇත.

පාකිස්තානය 1-0 ක් ලෙස තරගාවලිය ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 5 ක් හිමිවන අතර 2-0 ක් ලෙස තරගාවලිය ජය ගතහොත් ප්‍රසාද ලකුණු 6 ක් හිමිවනු ඇත. ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස තරගාවලිය පරාජයට පත් වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 92 ක් දක්වා පහත වැටෙන අතර 2-0 ක් ලෙස තරගාවලිය පරාජය වුවහොත් තවත් ප්‍රසාද ලකුණු 2 ක් අහිමිවී යනු ඇත.

මේ වනවිට ප්‍රසාද ලකුණු 120 ක් හිමිකරගෙන සිටින ඉන්දියාව, ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 112 ක් ලබාගෙන සිටින නවසීලන්තය එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේය. ප්‍රසාද ලකුණු 102 බැගින් ලබාගෙන ඇති දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව පිළිවෙලින් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.


අදහස් (0)

පාකිස්තානය ඉහළ නැගීමේ උත්සහයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.