Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිලාන්ගේ වාර්තාව අශාන් බිඳදමයි

ඩිලාන්ගේ වාර්තාව අශාන් බිඳදමයි

ශානුක අරවින්ද - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කියමින් නව වාර්තාවක්ද පිහිටුවීමට රියැදුරු අශාන් සිල්වා සමත් විය.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන්ට එම තරගයේ ගමන් වාරයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය වූයේ තත්පර 31.26 කි.

ඒ අනුව තරගාවලියේ වේගවත්ම කාලය ලෙස එතෙක් සටහන් වී තිබූ  තත්පර 32.42 වාර්තාව බිඳ දැමීමට අශාන්ට හැකි විය. 2018 තරගාවලියේදී එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වෙමින් ඩිලාන් සෙනෙවිරත්න එහි පැරණි වාර්තාව වාර්තාව පිහිටුවා තිබිණ.

මෙවර තරගාවලියේදී අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට ජේඩ්න් ගුණවර්ධන සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි ඉසව්ව තත්පර 33.63 ක කාලයකින් නිමා කරමිනි. මින් පෙර මෙම තරගාවලියේදී අඩුම කාලයකින් තරග වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා බවට පත්ව සිටියේ සංගීත් සූරියගේය. ඔහු එම වාර්තාවට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය තත්පර 33.752 කින් නිමා කරමිනි.

මීටර් 800 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 17 ක් සහ යතුරුපැදි ඉසව් 16 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.


මෝටර් රථ තරග ප්‍රතිඵල
■එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (තත්. 39.74)
2 ෂෙනාල් ගුණවර්ධන (තත්. 40.06)
3 සුසන්ත ගුණවර්ධන (තත්. 40.9)

■එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 සුසන්ත ගුණවර්ධන (තත්. 40.08)
2 කෝලිත එදිරිසිංහ (තත්. 41.53)
3 ෂෙනාල් ගුණවර්ධන (තත්. 41.62)

■එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය
1 කෙවින් පෙරේරා (තත්. 38.57)
2 රයන් ග්‍රේ (තත්. 41.4)
3 ශානක රොද්‍රිගූ (තත්. 41.55)

■එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය
1 නදීර ජිනසේන (තත්. 33.17)
2 ඩිලාන් සෙනෙවිරත්න (තත්. 33.51)
3 රයන් ග්‍රේ (තත්. 42.5)

■ටී.ජේ. කාණ්ඩයේ (සි.ධා. 5500 දක්වා) ට්‍රක් සහ ජීප් රථ තරගය
1 දුමින්ද ජයසිංහ (තත්. 44.61)
2 කාසිම් වහබ් (තත්. 52.54)

■ටී.ජේ. කාණ්ඩයේ ට්‍රක් සහ ජීප් රථ තරගය (විවෘත)
1 ඩැරින් වීරසිංහ (තත්. 36.48)
2 ඉෂ්රාක් වහබ් (තත්. 38.30)
3 සංජය සේදර සෙනරත් (තත්. 39.05)

■එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (තත්. 37.67)
2 ඩිලූප පල්ලියගුරු (තත්. 38.01)
3 ඩිලංක විජේසූරිය (තත්. 38.46)

■එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 සඳරු වීරසිංහ (තත්. 39.91)
2 නීල් වීරසිංහ (තත්. 40.87)
3 නාමල් සිල්වා (තත්. 42.03)

■එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 රන්දික නිරෝෂන් (තත්. 35.47)
2 ඉර්ෆාන් ෆුවාඩ් (තත්. 35.61)
3 ෂෙහාරා ජයවර්ධන (තත්. 38.17)

■එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 රන්දික නිරෝෂන් (තත්. 36.65)
2 අසංක බණ්ඩාර (තත්. 37.04)
3 හේෂාන් පීරිස් (තත්. 37.39)

■එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 චානක රත්නායක (තත්. 40.76)
2 සඳරු වීරසිංහ (තත්. 41.05)
3 ගිහාන් ද සිල්වා (තත්. 41.66)

■‘එස්.එල්.ජී.ටී’ කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (තත්. 31.26)
2 ටිරෝන් හෙන්ඳාවිතාරන (තත්. 33.25)
3 නදීර ජිනසේන (තත්. 34.44)

■එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 දහම් ජයනිත් (තත්. 40.55)
2 අදීෂ කිත්විත් (තත්. 41.00)
3 නිරෝෂ් ජීවන්ත (තත්. 41.69)

■එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 තුෂාන් මධුෂංක (තත්. 40.64)
2 චමත් පල්ලියගුරු (තත්. 41.17)
3 රසිත පසන් (තත්. 41.25)

■එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (තත්. 40.03)
2 ඩිලංක විජේසූරිය (තත්. 41.02)
3 ෂෙහාරා ජයවර්ධන (41.75)

■‘ඩී’ කාණ්ඩයේ විවෘත ඩීසල් මෝටර් රථ තරගය (ක්‍රීඩා සමාජයේ තරගකරුවන් සඳහා)
1 ඩිලූප පල්ලියගුරු (තත්. 44.31)
2 රජිත් උළුවිට (තත්. 46.16)
3 රසිත පසන් (තත්. 55.17)
යතුරුපැදි තරග ප්‍රතිඵල

■ඕ. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ (සන්නද්ධ සේවා)

යතුරුපැදි තරගය
1 ඒ.එන්. ලක්මාල් (තත්. 44.05)
2 දිලුම් දිසානායක (තත්. 46.54)
3 එච්.ජී. ලක්මාල් (තත්. 47.20)

■ඕ. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 සංජීව උදයකුමාර (තත්. 41.47)
2 මහීල් පවිත්‍ර  (තත්. 41.84)
3 ඩිලාන් රත්නායක (තත්. 43.43)
 
■එම්. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 කුෂාන් අප්පුහාමි (තත්. 38.45)
2 ධනුෂ්ක ද සිල්වා (තත්. 40.58)
3 ගයාන් ප්‍රියදර්ශන (තත්. 40.90)

■ඕ. කාණ්ඩයේ (සි.ධා. 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 ප්‍රසංක සමරවික්‍රම (තත්. 37.87)
2 ජානක දිනේෂ් (තත්. 38.94)
3 අසංක සමරවික්‍රම (තත්. 39.65)

■එම්. කාණ්ඩයේ නවීකරණය නොකළ (සි.ධා. 160 දක්වා) යමහා එෆ්.ඉසෙඩ්. යතුරුපැදි තරගය
1 මහීල් පවිත්‍ර (තත්. 42.03)
2 අමිල පැතුම් (තත්. 42.36)
3 අරුන් හිමාෂ (තත්. 46.35)

■එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 ජානක දිනේෂ් (තත්. 35.66)
2 ඊසාන් කාවින්ද (තත්. 38.98)
3 දුමින්ද කොස්වත්ත (තත්. 39.33)

■එම්. කාණ්ඩයේ (සි.ධා. 175 සිට 250 දක්වා) ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි තරගය
1 මහීල් පවිත්‍ර (තත්. 36.09)
2 සුපුන් සුරාජ් (තත්. 37.33)
3 උදාර චන්දිමාල් (තත්. 37.34)

■එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි තරගය
1 එස්. වාසුදේවන් (තත්. 40.05)
2 සරත් කුමාරසිංහ (තත්. 40.15)
3 ශිවලිංගම් ඥානප්‍රකාෂ් (තත්. 40.87)

■එම්. කාණ්ඩයේ නවීකරණය නොකළ කවසාකි ට්‍රැකර් යතුරුපැදි තරගය
1 මහීල් පවිත්‍ර (තත්. 36.32)
2 සසිඳු ප්‍රසන්න (තත්. 38.11)
3 සුපුන් සුරාජ් (තත්. 37.22)

■එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තරගය
1 දුෂාන් මුදලිගේ (තත්. 33.93)
2 ඉසුරු මඳුරංග (තත්. 35.48)
3 මහීල් පවිත්‍ර (තත්. 36.26)

■එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය
1 ජේඩ්න් ගුණවර්ධන (තත්. 33.63)
2 සංගීත් සූරියගේ (තත්. 34.38)
3 දුෂාන් මුදලිගේ (තත්. 34.56)

■එම්. කාණ්ඩයේ (සි.ධා. 600 දක්වා) සංචාරය සඳහා නවීකරණය කළ  ක්‍රීඩා යතුරුපැදි තරගය
1 සුපුන් සුරාජ් (තත්. 38.62)
2 නවිඳු සිල්වා (තත්. 41.75)
3 පසන් බුද්ධික (තත්. 41.98)

■එම්. කාණ්ඩයේ සංචාරය සඳහා නවීකරණය කළ (සි.ධා. 700 ට වැඩි) ක්‍රීඩා යතුරුපැදි තරගය
1 ශෂික සඳරුවන් (තත්. 38.660)
2 ඉන්සාෆ් බාෂීර් (තත්. 38.668)
3 බී.ඒ. හේමචන්ද්‍ර (තත්. 41.57)

■එම්. කාණ්ඩයේ (සි.ධා. 400 සිට 600 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 ජේඩ්න් ගුණවර්ධන (තත්. 34.84)
2 ඒරන් ගුණවර්ධන (තත්. 35.39)
3 අරුණ හිමාෂ (තත්. 46.76)

■එම්. කාණ්ඩයේ (සි.ධා. 900 සිට 1000 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 ජේඩ්න් ගුණවර්ධන (තත්. 34.12)
2 ඒරන් ගුණවර්ධන (තත්. 34.73)
3 රීසා ඔඩෙයාර් (තත්. 35.87)

■ස්වංක්‍රීය සම්ප්‍රේෂක ස්කූටර් (සි.ධා. 115 දක්වා) යතුරුපැදි තරගය
1 ආර්.එම්. මිම්ෂාඩ් (තත්. 49.48)
2 කේ.ඩී.එස්. සඳරුවන් (තත්. 49.96)
3 නවිඳු සිල්වා (තත්. 49.97)


අදහස් (0)

ඩිලාන්ගේ වාර්තාව අශාන් බිඳදමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.