Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොනී - ෆැරල් එක්ව එංගලන්තය තල්ලු කරති

ජොනී - ෆැරල් එක්ව එංගලන්තය තල්ලු කරති

editorial - 2019 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වින්ග් ක්‍රීඩක ජොනී මේ විනාඩි තුනක් ඇතුළත තැබූ උත්සාහක දිනුම් දෙකත්, නායක ඔවෙන් ෆැරල්ගේ නිවැරදි ඉලක්කයත් නිසා ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී අපහසුවකින් තොරවම ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට එංගලන්තය සමත් විය. ජපානයේ ඔයිටා ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්තය ලකුණු 40-16 ක ජයක් අත්කරගත් අතර තරගාවලියේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්තය වෙනුවෙන් සිය 50 වැනි තරගයට ක්‍රීඩා කළ ජොනී මේ අද දිනයේදී ලබාගත්තේ ඔහුගේ 26 වැනි සහ 27 වැනි අන්තර්ජාතික උත්සාහක දිනුම් දෙකයි. ඔවෙන් ෆැරල්ගෙන් එංගලන්තයට ලකුණු 20 ක් හිමිවිය. සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන ඕස්ටේ්‍රලියාව පරාජය කරමින් එංගලන්තය සිය විශාලතම රග්බි ජය සම කළේය.

අවසන් පූර්ව වටයේදී එංගලන්තයට නවසීලන්තය හෝ අයර්ලන්තය මුණගැසෙනු ඇත.

“අපි අවශ්‍ය දේ කළා”
“අපට වේලාසනින්ම තරගයේ වාසිය තිබුණා...ඒ වෙලාවේ ඕස්ටේ්‍රලියානුවන් ඔවුන්ට කරන්න පුළුවන් හැම දේමත් කළා. ඒත් අපට ඕනෑ වුණේ තරගය අපේ වේගයෙන් පවත්වාගෙන යාමටයි. අපි දෙවැනි අර්ධයේදී එය කළා” යයි එංගලන්ත නායක ඔවෙන් ෆැරල් පැවසීය.

එංගලන්තය සහ ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය ජපානයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කිරීමට සිදුවිය. එබැවින් එංගලන්තය මෙම තරගයට ආවේ තරමක් චකිතයෙනි. එහෙත් පසුව එය ඔවුන්ගේ වාසියටම සිදුවිය.

වසර හතරකට පෙර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට වේලාසනින්ම ඉවත්ව යාමට සිදුවිය. එහෙත් ජොනී මේගේ සාර්ථක දිවයාමත් ඔවෙන් ෆැරල්ගේ නිවැරදි ඉලක්කයත් හේතුවෙන් වේලාසනින්ම කඩුල්ල පැනගැනීමට එංගලන්තයට හැකිවිය. ෆැරල්ගේ පා පහර 8 කින් 8 ම සාර්ථක විය. දඬුවම් පහර 4 ක් සාර්ථක කරගත් ෆැරල් ප්‍රවර්ථන 4 කින් තවත් ලකුණු 8 ක් සිය කණ්ඩායමට එකතු කළේය. ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පිට පිටම පරාජය කළ හත්වැනි අවස්ථාව මෙයයි.

තරගයේ 12 වැනි විනාඩියේදීම ක්‍රිස්ටියන් ලියැලිෆානෝ සාර්ථක කරගත් දඬුවම් පහරකින් ඕස්ට්‍රේලියාව ඉදිරියට ගියද 18 වැනි සහ 21 වැනි විනාඩි වලදී ජොනී මේ තැබූ උත්සාහක දිනුම් දෙකක් සාර්ථකව ගෝල බවට ප්‍රවර්ථනය කළ ඔවෙන් ෆැරල් තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. එතැන් සිට එංගලන්තයට තිබුණේ කරදරයකින් තොර ගමනකි.

පිළිමළුන් පිටුදැකීමේ විශේෂඥයන් වන ඕස්ට්‍රේලියානු පිල දෙවැනි අර්ධයේදී තරමක් ආක්‍රමණශීලීව තරගයට මුහුණ දුන් නමුත් එංගලන්තයේ වේගය හමුවේ ඔවුන්ට කළ හැකි යමක් නොතිබිණ.

..


අදහස් (0)

ජොනී - ෆැරල් එක්ව එංගලන්තය තල්ලු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.