Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාක් හඹා ගොස් ජයගනී

ජාක් හඹා ගොස් ජයගනී

editorial - 2019 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඌව, කුඩාඔය සිට)

ඌව, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැති ‘කමාන්ඩෝ සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජාක් ගුණවර්ධන සමත් විය. ආබාධ තත්වයක් හේතුවෙන් වසරක පමණ කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටි ජාක්, නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීමෙන් අනතුරුව දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ පළමු අවස්ථාව මෙය විය.

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියරේදී දෙවැනි ස්ථානයට පත් වූ ජාක් ගුණවර්ධන, එහි දෙවැනි අදියර ජයගනිමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. එම ඉසව්වේ අදියර දෙක පුරාම ඉවෝන් බී. ගුරුසිංහ සමග කරට කර තරගයක නිරත වූ ජාක්, පළමු අදිරේදී ඉවෝන්ට දෙවැනි වෙමින් තරගය නිමා කළේය.

දෙවැනි අදියර ආරම්භයේදී පෙරමුණ ගැනීමට ජාක් සමත් වුවද, එහි පළමු වට දෙක නිමාවන ජාක් පසුකර ඉදිරියට යෑමට ඉවෝන් සමත් විය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදීම තරගයේ පෙරමුණ හුවමාරු කරගනිමින් නරඹන්නන් කුල්මත් කළහ. කෙසේ වුවත් අවසන් වටයේ අවසන් මීටර් 250 තුළදී ඉවෝන් පසුකර ඉදිරියට ඇදුණ ජාක්, තරග නිමාව දක්වාම පෙරමුණ රැකගනිමින් පළමු වැනියා ලෙස දෙවැනි අදියර අවසන් කළේය. එම අදියර දෙකේම තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට යුධ හමුදා ක්‍රීඩක සමීර ප්‍රේමරත්න සමත් විය.

ඉකුත් වසරේදී (2018) මෙම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායක මෙවර තරගාවලියට සහභාගි නොවූ අතර කාල ගණන පැවැති දිනයේදී දරුණු අනතුරකට මුහුණ පෑම නිසා ප්‍රබල ක්‍රීඩක බුද්ධික කසුන් සිල්වාටද තරගාවලියට සහභාගි වීමට නොහැකි විය.

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් ඉසව්වේ අදියර දෙකම ජයගැනීමට දේෂාන් සොලංකි සමත් වූයේ පළමු අදියරේදී ඉමාල් මංචනාකද, දෙවැනි අදියරේදී සචිර රාජකරුණාද දෙවැනි ස්ථානයට ඇද දමමිනි.

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 125 සිට 250 දක්වා) ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකේම ජය ශානුක සඳරුවන් සතුවිය. එහිදී ශානුකට තියුණු තරගයක් දුන් ඉවෝන් බී. ගුරුසිංහ සහ ළහිරු ජීවන්ත අදියර දෙකේදීම පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ.

වයස අවුරුදු 5 සිට 9 දක්වා තරගකරුවන් සඳහා පැවැති ජේ.එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගත් එන්.කේ. ඉමාෂ, ඉන් නොනැවතී වයස අවුරුදු 7 සිට 10 දක්වා තරගකරුවන් සඳහා පැවැති ජේ.එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයද ජයගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සිවුවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළේය.

සියැට්, හොණ්ඩා, කොකා කෝලා, එක්සයිඞ්, නිපෝන් පේන්ට්, මැලිබන්, බ්‍රැන්ඩික්ස්, නෝලිමිට් සහ කැන්ඩොස් යන සමාගම්, ටාජ් සමුද්‍රා සහ ගලධාරි යන හෝටල් මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක් විය.


තරග ප්‍රතිඵල

ජේ. එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 5 සිට 9 දක්වා)
1 එන්.කේ. ඉමාෂ (යමහා පී.ඩබ්ලිව්. 50)
2 ශකීබ් අහමඞ් (යමහා පී.ඩබ්ලිව්. 50)
3 පී.ටී. අනුහස් (යමහා පී.ඩබ්ලිව්. 50)


ජේ. එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 7 සිට 10 දක්වා)
1 එන්.කේ. ඉමාෂ (කේ.ටී.එම්. 65)
2 ශකීබ් අහමඞ් (කේ.ටී.එම්. 65)
3 පී.ටී. අනුහස් (කවසාකි කේ.එක්ස්. 65)


ජේ. එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 9 සිට 12 දක්වා)
1 ඉරෝෂ් සමරනායක (කේ.ටී.එම්. එස්.එක්ස්. 85)
2 රිවිනු රත්නායක (කේ.ටී.එම්. එස්.එෆ්. 85)

ජේ. එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 15 න් පහළ)
1 විනුෂ්ක සිල්වා (හොණ්ඩා. සී.ආර්.එෆ්. 150)
2 භානුක රත්නායක (කවසාකි කේ.එක්ස්. 150)
3 තාරුක රුමීෂ (හොණ්ඩා සී.ආර්.එෆ්. 85)


එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 125 දක්වා) යතුරුපැදි (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 මධුර පීරිස් (කේ.ටී.එම්. 125)
2 රවීෂ ජයෂාන් (කේ.ටී.එම්. 125)  
3 සී.කේ. පොකුණුවත්ත (කවසාකි කේ.ඩී.එක්ස්. 125)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි.ඉසෙඞ්. 125)


එස්. එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 දේෂාන් සොලංකි (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
2 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 සචිර රාජකරුණා (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)


එස්. එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 දේෂාන් සොලංකි (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
2 සචිර රාජකරුණා (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)


‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)


‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
2 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)  
3 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)


අදහස් (0)

ජාක් හඹා ගොස් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.