Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති රන් කුසලාන තරග සැප් 28 දා සිට

ජනාධිපති රන් කුසලාන තරග සැප් 28 දා සිට

නාමල් පතිරගේ - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කණ්ඩායම් 2500ක් අපේක්‍ෂා කරන ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරඟ මාලාව මෙවර වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සැප්තැම්බර් 5 වැනිදා දක්වා තරඟ මාලාව සඳහා අයදුම්පත් බාර ගැනෙන අතර එහිදී පළමු වතාවට දිස්ත්‍රික් අනු ශූරතාව ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම් සඳහා ජනාධිපති අභියෝග ශුරතා කුසලාන වොලිබොල් තරගාවලිය හඳුන්වාදෙයි.

 14 වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරග මාලාව සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා සමාජ වලට පමණක් අයදුම් කළ හැකිය. එහිදී කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර තුනක කාලයක් පදිංචිය තහවුරු කර සිටිය යුතුය.

දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන තරග මාලාවේ පළමු අදියර ජය ගන්නා කාන්තා හා පිරිමි කණ්ඩායම් 50ක් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දෙවැනි (ජාතික මට්ටමේ) අදියර සඳහා සුදුසුකම් ලබනු ඇත. දිස්ත්‍රික් මට්ටමේ අනුශුරතා හිමිකරගන්නා කාන්තා හා පිරිමි කණ්ඩායම් 50ක් පළමුවරට හඳුන්වාදෙන ජනාධිපති අභියෝග කුසලාන තරගාවලියට ඇතුළත් කරේ.

තරගමාලාවේ නව වෙනස පිළිබඳව  අදහස් දැක්වූ ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා දක්‍ෂතා හෙබි අනුශුරතාලාභී කණ්ඩායම් තරග මාලාවෙන් ඉවතට යෑම වැලැක්වීම සඳහා ඔවුන් එක්කර ගනිමින් වෙනම තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළ බව පැවසීය. මින්පෙර ක්‍රමවේදය වූයේ දිස්ත්‍රික් ශුරතා හා අනුශුරතා ලාභී කණ්ඩායම් 100ක් සහභාගිත්වයෙන් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ ජාතික (දෙවැනි) වටය ආරම්භ කිරීමයි.

ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍රහය දක්වන මෙම තරග මාලාවේ ශූරතා, අනුශුරතා හා තවත් ස්ථාන සඳහා රුපියල් 1,50,000, 1,00000 හා 50,000 ක් බැගින් ද දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ ත්‍යාග හා ශූරතා කුසලාන ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ජාතික මට්ටමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගන්නා දිස්ත්‍රික් ශුරතා හා අනුශූරතාලාභින් කණ්ඩායම් වෙත මෙම අවස්ථාවේ දී පමණක් තරග වැදුණු වෙනත් කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්කර ගනීමින් එකාබද්ධ කණ්ඩායම් ලෙසත් තරගවැදිය හැකි බව තරග සංවිධායකයෝ පවසති.

තරග අයදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, 33 ටොරින්ටන් පෙදෙස, කොළඹ 7. (විමසීම් 0112669344) ලිපිනයට යොමු කළ යුතුය.

තරගාවලිය සැප්තැම්බර් 28 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර නිමා කෙරෙන බව වොලිබෝල් සම්මේලනය කියයි. අවසන් මහා තරග මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අපේක්‍ෂාවෙන් පසුවේ.

ජනාධිපති රන් කුසලාන ඩයලෝග් වොලිබොල් තරග මාලාවට අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි (සන්නාම හා සන්නිවේදන) හර්ෂ සමරනායක මහතා ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහාතාට අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.
වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක උප සභාපති නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, තරග ලේකම් ධනපාල ජයපත්ම යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

 


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන තරග සැප් 28 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.