Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති කුසලාන ශාන්ත පීතර විදුහලට

ජනාධිපති කුසලාන ශාන්ත පීතර විදුහලට

editorial - 2019 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේදී බොරැල්ල වෙස්ලි විදුහලට අනු ශූරතාව හිමිවිය. 

ශාන්ත පීතර විදුහල පිට පිටම දෙවැනි වරටත් මෙම ශූරතාව දිනාගැනීම කැපී පෙනේ. ශාන්ත පීතර විදුහල මෙම ශූරතාව දිනාගත් හත්වැනි වසර මෙය වේ.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (20 වැනිදා) පැවැති අවසන් මහ තරගයේ ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 18 - 15 කින් වෙස්ලි විදුහල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

ශාන්ත පීතර විදුහලට ලකුණු තුනකින් ජය ලැබූ අතර එයට ශාන්ත පීතර විදුහලට දෙවැනි අර්ධයේ 26 වැනි මිනිත්තුවේදී තෙනුක නානායක්කාර විශිෂ්ට ලෙස සාර්ථක කළ දඩුවම් පහර තීරණාත්මක සාධකය බවට පත්විය. තරගයේ අවසන් මිනිත්තු 10 පමණ වන විටත් ලකුණු තත්ත්වය 15-15 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.  

ජයග්‍රාහි ශාන්ත පීතර විදුහල් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස් කළේය. වෙස්ලි විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. 

තියුණු තරගයක් වූ මෙහි පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 15 - 8 ක් ලෙස පෙරමුණේ සිටියදී ශාන්ත පීතර විදුහල දෙවැනි අර්ධයේදී ගෝලයක් සහ දඩුවම් පහරක් සම්පූර්ණ කරමින් ඉදිරියට පැමිණියේය.

මෙම තරගාවලියට ‘මයිලෝ’ නිෂ්පාදකයන් වන නෙස්ලේ ලංකා සමාගම අඛණ්ඩව 27 වැනි වසරටත් අනුග්‍රහය දැක්වීය.  

  ඡායාරූප:  ළහිරු හර්ෂණ

  - 048


අදහස් (0)

ජනාධිපති කුසලාන ශාන්ත පීතර විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.