Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝන් ප්‍රී මෝටර් රථ ශූරයා අශාන්

ගෝන් ප්‍රී මෝටර් රථ ශූරයා අශාන්

ශානුක අරවින්ද - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කළ 12 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වා සම්මාන දිනාගත්තේය.

කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා පැවැති මෙම තරගාවලියේ දක්ෂතම මෝටර් රථ කණ්ඩායම ලෙස අශාන් සිල්වා සහ ඉර්ෆාන් ෆෝඞ් නියෝජනය කළ මාග්නි රේසිං කණ්ඩායම සම්මාන ලැබීය.

තරගාවලියේ ප්‍රධානම මෝටර් රථ ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව වට 22 කින් සමන්විත ගෝන් ප්‍රී මෝටර් රථ තරගයක් ලෙස පැවැති අතර කිසිදු අභියෝගයකින් තොරවම ඉන් ජය ලැබීමට අශාන් සමත් විය. ධාවන පථය පුරා සිය අණසක පැතිරවූ අශාන් තරග ආරම්භයේ සිට වට 22 නිමාවන තුරුම කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට අවස්ථාවක් නොදුන්නේය.

තරගකරුවන් 12 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා මිස්සක නවීන්, අරවින්ද ප්‍රේමදාස, ඩැරින් වීරසිංහ, උෂාන් පෙරේරා, ඉෂ්රාක් වහබ් සහ සජාඞ් සුහේර් අතර ඉතා තියුණු තරගයක් දක්නට ලැබිණ. කෙසේ වුවත් මුල් වට 10 තුළදී සිය මෝටර් රථ අනතුරුවලට මුහුණ පෑම සහ විවිධ කාර්මික දෝශවලට ලක්වීම හේතුවෙන් උෂාන්ට, ඉෂ්රාක්ට සහ සජාඩ්ට තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

දෙවැනි වට 10 තුළදී දෙවැනි ස්ථානය සඳහා කරට කර සටනක නිරත වූ මිස්සක, අරවින්ද සහ ඩැරින් කරට කර තරගයක නිතර වෙමින් අශාන් පසුපස හඹාගියහ. එහිදී දෙවැනි ස්ථානයේ ගමන් කළ ඩැරින් වීරසිංහගේ මෝටර් රථයද කාර්මික දෝශයකට ලක්වීම නිසා ඔහුට තරමක් පසුබැසීමට සිදුවිය. අවසන් වට කිහිපයේදී තමා සහ අරවින්ද අතර පැවැති පරතරය කෙමෙන් කෙමෙන් වැඩි කරගත් මිස්සක දෙවැනියා ලෙස තරගය නිමා කළ අතර අරවින්දට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. මුල් වට වලදී තරමක් පසුපසින් ගමන් කළ යසිත් ගමගේ තරගයේ අවසන් වට කිහිපයේදී සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් ඩැරින් පස්වැනි ස්ථානය දක්වා පසුපසට තල්ලු කළේය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කළ අතර සියැට් සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ සොෆ්ලොජික් ආයතනය සම අනුග්‍රාහකයන් ලෙස තරගාලියට එක් වූහ.

තරග ප්‍රතිඵල
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ඩිලූප පල්ලියගුරු (නිසාන් මාර්ච් 1000)
2 දහම් ජයනිත් (නිසාන් මාර්ච් 1000)
3 අදීෂ කිත්විත් (නිසාන් මාර්ච් 1000)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ලක්මාල් විජේරත්න (ඔස්ටින් මිනි 1000)
2 නීල් වීරසිංහ (ඔස්ටින් මිනි 1000)
3 ඉම්රාන් ෆාරෝස් (ඔස්ටින් මිනි 1000)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 තිරාන් පෙරේරා (ඔස්ටින් මිනි 1050)
2 සුරින්ද ගුණවර්ධන (ටොයොටා විට්ස් 1050)
3 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)  

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
2 දිෂ්ණ සංකලන (ඔස්ටින් කූපර් 1275)
3 නිෂාත් ද අල්විස් (ඔස්ටින් මිනි 1275)

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 ශාමල් වෑගඩපොල (මැස්ඩා 1300)
2 කෝලිත එදිරිසිංහ (ෆොර්ඞ් ලේසර් 1300)
3 ශාන් ද සිල්වා (ෆොර්ඞ් ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 ෂෙනාල් ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1300)
2 සුදීර නිලවීර (ෆොර්ඞ් ලේසර් 1300)
3 ඉමේෂ් සිල්වා (ෆොර්ඞ් ලේසර් 1300)

ෆෝමියුලා මැක්ලරන්ස් (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 රයන් ග්‍රේ (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
2 චන්දිම ගුණරත්න (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
3 මෙවන් පෙරේරා (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (ෆොර්ඞ් ලේසර් 1500)
2 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
3 ෂෙනාල් ගුණවර්ධන (මැස්ඩා ෆැමීලියා 1500)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 රන්දික නිරෝෂන් (හොණ්ඩා සිවික් 1600)
2 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1600)
3 සබි්‍ර සලම් (හොණ්ඩා සිවික් 1600)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 ප්‍රබාජි බණ්ඩාර (සුබාරු ලෙගාසි 2000)
2 ශිරාන් ඩූල් (සුබාරු ලෙගාසි 2000)
3 මේනක සඳරුවන් (සුබාරු ලෙගාසි 2000)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) ගෝන් ප්‍රී මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 මිස්සක නවීන් (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)


 

 


අදහස් (0)

ගෝන් ප්‍රී මෝටර් රථ ශූරයා අශාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.