Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා තේරීම් කමිටුව යළිත් පරණ සෙල්ලමටම

කාන්තා තේරීම් කමිටුව යළිත් පරණ සෙල්ලමටම

යොහාන් භාසුර - 2019 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නව තේරීම් කමිටුවක් පත්කිරීමත් සමඟ ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ ප්‍රබල ක්‍රීඩිකාවන් කීපදෙනකුම රට හැර යෑමට සූදානම් වන බව දැනගන්නට තිබේ.

පස්දෙනකුගෙන් යුත් නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට පත්කර ඇතැයි කියන නිලධාරීන් සිව් දෙනාගෙන් දෙදෙනකු මීට පෙර කාන්තා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් සිටියදී දැක්වූ දුර්වලතා හේතුවෙන් ඉවත්කළ පුද්ගලයන් බවද වාර්තා වේ.  ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රධානතම නිලධාරියකුගේ පාසලේ ආදි ශිෂ්‍යයකු වන තවත් නිලධාරියකු මීට පෙර ද කාන්තා තේරීම් කමිටුවේ කටයුතු කරමින් සිටියදී ඉවත් කළ අයකු බව වාර්තා වේ.

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන තනතුරක් මේ වන විටත් දරණ නිලධාරියකු අදාල පාසලේ තවත් ආදි සිසුවකු වන අතර ඔහු සහ මෙම තේරීම් කමිටු නිලධාරියා එකතුව තේරීම්වලට බලපෑම් කරන බවට මීට පෙර ද චෝදනා එල්ල විය. ඉහත සඳහන් නිලධාරීන් තිදෙනා එරෙහිව මීට පෙර ක්‍රීඩිකාවන් විරෝධය දැක්වීම ඔවුන් ඉවත්කිරීමට හේතුව බව ද දැනගන්නට තිබේ.

කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජයක සේවය කරන්නේ යැයි කියන අනෙක් තේරීම් කමිටු සාමාජිකයා ද මීට පෙර ඉවත් කළ කාන්තා තේරීම් කමිටුවක් නියෝජනය කළ පුද්ගලයකු යැයි පැවසේ.

මීට පෙර කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු නායිකාවක් වන රසාංජලී ද අල්විස්, හිටපු ක්‍රීඩිකාවන් වන ඉන්දිකා කංකානම්ගේ සහ තිලකා නිල්මිණී යන මහත්මීන් කටයුතු කළ අතර මෙවර තිලකා නිල්මිණී මහත්මිය පමණක් කාන්තාවක් ලෙස ඇතුළත්ව සිටින්නීය.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස අග ඕස්ටේ්‍රලියාවේදී එක්දින ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තේරීම් තරගාවලියකට සහභාගි වීමට නියමිත අතර එම තරගාවලියට සංචිතය තේරීමේදී ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ඉවත්කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව මේ වන විටත් වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් පළිගැනීමක් ලෙස මීට පෙර සංචිතයෙන් ඉවත්කිරීමත් සමඟ කණ්ඩායමේ දක්‍ෂතා කඩාවැටුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ක්‍රීඩිකාවන් කීපදෙනකුම හොර රහසේ විදේශතගත වූ අතර ඇතැම් ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අත්හැර දැමූ බව බොහෝ දෙනකු පවසති.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ දීමනාව ගෙවීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මීට වසරකට පමණ පෙර ක්‍රීඩිකාවෝ පුහුණුවීම් වර්ජනය කිරීමට කටයුතු කළහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ කළමණාකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන කාන්තා ක්‍රිකට් අංශ ප්‍රධානියා පත්කර ඇති බව ද දැනගන්නට තිබේ.
     


අදහස් (0)

කාන්තා තේරීම් කමිටුව යළිත් පරණ සෙල්ලමටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.