Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 කට මංචි අත හිත

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 කට මංචි අත හිත

නාමල් පතිරගේ - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනකුට මාසිකව රුපියල් 25,000ක් බැගින් වන අනුග්‍රහයක් ඉදිරි වසරක කාලයක් සඳහා දැරීමට ’මංචි’ බිස්කට් නිෂ්පාදකයක් වන සිලෝන් බිස්කට් සමාගම ඉදිරිපත්ව සිටියි. ඒ සඳහා සිලෝන් බිස්කට්ස් සමාගම මාසිකව රුපියල් 450,000ක් වැය කරයි. ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකාවක් වන හිටපු ප්‍රවීණතම කෙටි ධාවන ශූරියක් වන ඉනේකා කුරේ මහත්මියගේ  සම්බන්ධීකරණයෙන් මෙම අනුග්‍රහය ප්‍රදානය කිරීමේ වැඩසටහන දියත්වේ.

මේ වනවිට දේශීය මලල  ක්‍රීඩාව සඳහා නිල අනුග්‍රාහකයකු ඉදිරිපත් නොවන අවස්ථාවක මෙරට පළපුරුදු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අනුග්‍රහය ලැබීම එහි ප්‍රවර්ධනයට විශාල පිටුවහලක් බව ශ්‍රී ලංකා මලල  ක්‍රීඩා සංගමය පවසයි.

අනුග්‍රහය ලැබෙන මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනා ගත්තෝද වෙති. ක්‍රීඩිකාවන් අට දෙනකුට හා ක්‍රීඩකයන් 10 දෙනකු සඳහා මෙම අනුග්‍රහය ලැබී තිබේ. එම අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉදිරියේදී සංවිධානය  කිරීමට නියමිතය.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය ලැබෙන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ.
■    හිමාෂ ඒෂාන් (මීටර 100),
■    විනෝජ් සුරංජය ද සිල්වා (මීටර 200),
■    ෂරේෂන් ධනංජය (තුන් පිම්ම),
■    අරුණ දර්ශන (මීටර 400),
■    ෂෙනිරු තේනුක අමරසිංහ (උස පැනීම),
■    රොෂාන් ධම්මික (මීටර් 110 - කඩුලු),
■    සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම),
■    අමිල ජයසිරි (දුර පැනීම),
■    ඉඳුනිල් හේරත් (මීටර 800)
■    කුසුන් කුෂාන්ත (මීටර 1,500)
■    ෂෙලින්ඩා  ජෑන්ස් (මීටර 100),
■    ෂර්මිලා ජෑන් (මීටර් 200),
■    ඩබ්.වී.එල්. සුගන්ධි (මීටර් 100 - කඩුලු),
■    නදීෂා රාමනායක (මීටර 400),
■    දිල්ෂි කුමාරසිංහ (මීටර 800),
■    නිමාලි ලියනආරච්චි (මීටර 1,500),
■     විදුෂා ලක්ෂාණි (තුන් පිම්ම - දුර පැනීම),
■    නිලානි රත්නායක (මීටර් 3,000 බාධක)

 

 


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 කට මංචි අත හිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.