Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමිඳු මෙන්ඩිස්ට උසස් වීමක්

කමිඳු මෙන්ඩිස්ට උසස් වීමක්

editorial - 2019 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංගලාදේශයේදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ.

එක්දින ජාත්‍යන්තර තරග 2 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 4 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කමිඳු, මේ දක්වා පළමු පෙළ තරග 9 කදී ලකුණු 751 ක් රැස්කරමින් කඩුලු 13 ක් දවාගැනීමට සමත්වී සිටියි.

අවසන් වරට ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ චරිත් අසලංක, මෙම තරගාවලියේදීද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය දරයි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ මෙම තරගාවලියට සහභාගිවන අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වේ. පාකිස්තානය, හොං කොං, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වෙයි.


ශ්‍රී ලංකා නැගී එන සංචිතය
චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, සම්මු අශාන්, නිෂාන් මධුෂංක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, කළණ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ශිරාන් ප්‍රනාන්දු සහ සචිඳු කොළඹගේ

 

- 036

 


අදහස් (1)

කමිඳු මෙන්ඩිස්ට උසස් වීමක්
  • buddhika Tuesday, 22 October 2019 04:30 AM

    රිච්මන්ඩ් විදුහලේ සිසුන් දෙදෙනෙක්.ජය වේවා!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.