Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය අනිද්දා

කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය අනිද්දා

ශානුක අරවින්ද - 2019 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සිවුවැනි වරට සංවිධානය කරන කමාන්ඩෝ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අනිද්දා (4 වැනිදා) පෙරවරු 9.00 සිට ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

මෙවර කොමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගන්නා ඉසව් 4 ද සමග මෝටර් රථ ඉසව් 9 කින් සහ යතුරුපැදි තරග 13 කින් සමන්විත වේ. ඒ සඳහා මෝටර් රථ රියැදුරන් 90 ක් සහ යතුරුපැදිකරුවන් 135 ක් සහභාගි වීමට නියමිතය.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ඉදිකර තිබෙන මෝටර් රථ ධාවන පථය කිලෝ මීටර් 1.9 ක දුරකින් සමන්විත වන අතර යතුරුපැදි ධාවන පථය කිලෝ මීටර් 1.6 ක දුරකින් සමන්විත වේ. ඉතුක් වසරේ (2018) පැවැති කොමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන්ද සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරග මාලාවේ තෙවැනි අදියර ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. නරියාකන්ද සුපර් ක්‍රොස් සහ මීරිගම කළාපීය තරගාවලිය එහි පළමු සහ දෙවැනි අදියර ලෙස පැවැති අතර කැවල්රි සුපර් ක්‍රොස්, කොළඹ සුපර් ක්‍රොස් සහ කටුකරුන්ද කළාපීය තරගාවලිය එහි සිවුවැනි, පස්වැනි සහ අවසන් අදියර ලෙස ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

 

ගයාන් සඳරුවන්

අශාන් සිල්වා

කුෂාන් පීරිස්

ඉෂාන් දසනායක


(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.