Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව 27-8 කින් ජෝර්ජියාව පරදවයි

ඕස්ට්‍රේලියාව 27-8 කින් ජෝර්ජියාව පරදවයි

editorial - 2019 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ සිය අවසන් තරගයේදී ලකුණු 27-8 කින් ජෝර්ජියාව පරාජය කිරීමට අද (11) සමත් වූහ. ‘ඩී’ කාණ්ඩය යටතේ මෙම තරගය ශිෂුඕකාහිදී පැවැත්විණි.

මෙම තරගයට සහභාගි වන විටත් ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටියේය. ඕස්ට්‍රේලියාව තරග හතරෙන් තු-නක් ජය ලබා ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගනිමින් මේ වන විට ‘ඩී’ කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදීසිටියි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-3 ක් ලෙස ලකුණු හතකින් පමණක් ඉදිරියෙන් සිටියේය.  

 තරගය ආරම්භයේදී දෙපිල කරට කර සටනක නිරත වුවද 22 වැනි මිනිත්තුවේදී නික් වයිට් සම්පූර්ණ කළ උත්සාහක දිනුම මැට් ටෝමුවා ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාව ලකුණු 7-0 ක් ලෙස පෙරමුණ ගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

ජෝර්ජියා පිලට 28 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරකින් එකතු වූ ලකුණු තුනත් සමඟින් ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය.

ඕස්ට්‍රේලියාවට 37 වැනි මිනිත්තුවේදී එකතු වූ දඩුවම් පහරත් සමගින් ලකුණු තත්ත්වය 10-3 ක් බවට පරිවර්ථනය විය.

දෙවැනි අර්ධයේ 21 වැනි මිනිත්තුව දක්වා පැවැති නිහඬියාව අවසන් කරමින් මරිකා කොරොයිබිටේ සම්පූර්ණ කළ උත්සාහක දිනුමට මැට් ටෝමුවා අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාව ලකුණු 17-3 ක් ලෙස පරතරය ලකුණු 10 ක් බවට පත්කරගත්තේය.

තරගයේ 72 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් එකතු වීමෙන් ජෝර්ජියානු ලකුණු සංඛ්‍යාව අටක් බවට පත්විය.

ඕස්ට්‍රේලියාවට මිනිත්තු තුනක් තුළ එනම් 77 වැනි සහ 79 වැනි මිනිත්තුවලදී එකතු වූ උත්සාහක දිනුම් දෙකත් සමඟින් ලකුණු තත්ත්වය 27-8 ක් බවට පත්විය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අවසන් මොහොතේ අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගත්ත ද එම ලකුණ ප්‍රයෝජනවත් නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ. වේල්සය මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගෙන දෙවැනි ස්ථානයේ පසු වන අතර ‘ඩී’ කාණ්ඩයේ පළමු ස්ථානය ලැබීමට වේල්සයට අවසන් තරගයේ ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් වේ.

වේල්සය සහ උරුගුවේ අතර ‘ඩී’ කාණ්ඩයේ අවසන් තරගය අනිද්දා (13) පැවැත්වේ.

- 048


අදහස් (0)

ඕස්ට්‍රේලියාව 27-8 කින් ජෝර්ජියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.