Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව කඩුලු 2 කට ලකුණු 54 යි

ඕස්ට්‍රේලියාව කඩුලු 2 කට ලකුණු 54 යි

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්තය අතර හෙඩිනග්ලිහි ලීස්ඞ්හි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය, පළමු දිනයේ තේ පානය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියේය.

වර්ෂාව හේතුවෙන් තරගය අද පස්වරු 12.10 ට පමණ ආරම්භ වූ අතර ආරම්භ වීමෙන් අනතුරුවද වරින්වර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ හේතුවෙන් තේ පානය සඳහා තරගය නතර කරන විට එංගලන්ත පන්දු යවන්නන්ට යැවීමට හැකි වූයේ ඕවර 18 ක් පමණි.

තේ පානය සඳහා නතර කරන විට ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු 26 ක්ද, මාර්නස් ලැබුස්චේන් ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 29 කි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු මාකස් හැරිස් (8) දැවී ගියේ ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමිනි. මුලු ලකුණ සංඛ්‍යාව 25 ක් වන විට උස්මාන් කවාජා (8) ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.

 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම - කඩුලු 2 කට 54
(ඩේවිඩ් වෝනර් නොදැවී 26)

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 2 කට ලකුණු 54 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.