Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔන්ඩ්‍රි රසල් ලෝක කුසලානයෙන් ඉවතට

ඔන්ඩ්‍රි රසල් ලෝක කුසලානයෙන් ඉවතට

editorial - 2019 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දණහිසේ ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඔන්ඩ්‍රි රසල්ට සිදුවිය. ඔහු වෙනුවට සුනිල් ඇම්බ්‍රිස් ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙවර තරගාවලියේදී සුපුරුදු දස්කම් අතරට පැමිණිමට ඔන්ඩ්‍රි රසල්ට නොහැකිවූ අතර තරග 4 කට ක්‍රීඩාකළ ඔහුට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 5 ක් සහ ලකුණු 36 ක් පමණි.

2017 වසරේදී එංගලන්තයට එරෙහිව එක්දින වරම් හිමිකරගත් සුනිල් ඇම්බ්‍රිස් තවමත් ක්‍රීඩාකර ඇත්තේ එක්දින 6 ක් පමණි. කෙසේ වෙතත් ලෝක කුසලානයට පෙර අයර්ලන්තයේදී පැවැති තුන්කොන් තරගාවලියේදී ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම පිතිහරඹය ප්‍රදර්ශණය කරමින් ලකුණු 148 ක් රැස්කිරීමට සමත්විය.

 


අදහස් (0)

ඔන්ඩ්‍රි රසල් ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.