Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය යොවුන් පිලට ලකුණු 90 ක ජයක්

ඉන්දීය යොවුන් පිලට ලකුණු 90 ක ජයක්

editorial - 2020 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 45.2 කදී 10/207

ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් කඩුල්ල ලෙස දිල්ශාන් මධුශංක දුවද්දී දැවී යාමකට හසුවන විට ලකුණු 4 ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් පිල පරදවා ලකුණු 90 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය යොවුන් පිල සමත්විය.

නවසීලන්ත යොවුන් පිලට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගීවන මීළඟ තරගය 22 වැනිදා පැවැත්වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 45 කදී 9/203

ආකාෂ් සිංගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ නිපුන් ධනංජය ලකුණු 50 කට දැවී ගියේය. පන්දු 59 කට මුහුණදුන් ධනංජයගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් අලංකාර විය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 5 කදී තවත් ලකුණු 95 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 44 කදී 8/203

සිද්දේෂ් වීර්ගේ පන්දුවක් හමුවේ ප්‍රියාම් ගාර්ග් අතට උඩපන්දුවක් දෙමින් අම්ෂි ද සිල්වා ලකුණු 5 කට දැවී යයි.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 6 කදී තවත් ලකුණු 95 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 42 කදී 7/195

රවී බිෂ්නෝයිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කවිඳු නදීශාන් ලකුණු 4 කට දැවී ගිය අතර ඊළඟ පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අෂේන් ඩැනියෙල් ලකුණු නොලබාම දැවී යයි.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 8 කදී තවත් ලකුණු 103 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 39 කදී 5/185

ආකාෂ් සිංගේ පන්දුවක් හමුවේ ඩෘෘහි ජුරල් අතට උඩපන්දුවක් දෙමින් සොනාල් දිනූෂ ලකුණු 16 කට දැවි ගියේය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 11 කදී තවත් ලකුණු 113 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 34 කදී 4/152

කාර්තික් ත්‍යාගිගේ පන්දුවක් හමුවේ තිලක් වර්මා අතට උඩපන්දුවක් දෙමින් ලංකා යොවුන් පිලේ සිවුවැනි කඩුල්ල ලෙස තවීශ කහතුඩුවආරච්චී ලකුණු 15 කට දැවී ගියේය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 16 කදී තවත් ලකුණු 146 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 25 කදී 3/114

කමිල් මිශාර ලකුණු 39 කට දවා ගැනීමට සිද්දේශ් වීර් සමත්විය. පන්දු 59 කට මුහුණදුන් කමිල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 25 කදී තවත් ලකුණු 184 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 23 කදී 2/106

යසස්වී ජයිස්වාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රවිඳු රසාන්ත ලකුණු 49 කට දැවී ගියේය. පන්දු 70 කට මුහුණදුන් රසාන්තගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ඒ අනුව රවිඳු රසාන්ත සහ කමිල් මිෂාර එක්ව දෙවැනිි කඩුල්ල සඳහා පන්දු  113 කදී පැවැත්වූ ලකුණු 87 ක සම්බන්ධතාවයද බිඳ වැටුණි.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 20 කදී 1/89

රවිඳු රසාන්ත ලකුණු 45 ක් සහ කමිල් මිෂාර ලකුණු 25 ක් රැස්කරමින් සාර්ථක පිතිහරඹයක නිරත වෙති. මේ වනවිට ඔවුන් දෙවැනි කඩුල්ල සඳහා 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 30 කදී තවත් ලකුණු 209 ක් අවශ්‍ය වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 4 කදී 1/19

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු කඩුල්ල ලෙස නවෝද් පරණවිතාන ලකුණු 6 කට දැවී ගියේය. පන්දු 13 කට මුහුණදුන් නවෝද්, සුෂාන්ත් මිෂ්රාගේ පන්දුවක් හමුවේ ආකාෂ් සිං අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

---------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය යොවුන් පිල - ඕවර 50 කදී 4/297

ඉන්දීය යොවුන් පිල ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 297 ක් රැස්කිරීමට සමත්විය. අවසන් ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගත් ඉන්දීය යොවුන් පිතිකරුවෝ ලකුණු 98 ක් ලබාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජය පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට ඔවුන් අපොහොසත් වූහ.

පන්දු 46 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ඩෘෘව් ජුරල් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ලබාගනිමින් ඉන්දීය යොවුන් පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ සිද්දේෂ් වීර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් ලබාගැනීමට සමත්විය.

---------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය යොවුන් පිල - ඕවර 43 කදී 4/236

කවිඳු නදීශාන්ගේ පන්දුවක් හමුවේ ප්‍රියාම් ගාර්ග් ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට කමිල් මිශාර සමත්විය. පන්දු 72 කට මුහුණදුන්  ප්‍රියාම් දැවී යන විට හතරේ පහර 2 ක් සමගින් ලකුණු 56 ක් රැස්කර සිටියේය.

 

නායක ප්‍රියාම් ගාර්ග් සිය අර්ධ ශතකය පන්දු 63 කදී ලබාගැනීමට සමත්විය.

සිවුවැනි කඩුල්ල සඳහා  පන්දු 65 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ප්‍රියාම් ගාර්ග් සහ ඩෘෘව් ජුරල් සමත්වූහ.

---------------------------------------------------------------------------------------------------------------------

 

ඉන්දීය යොවුන් පිල - ඕවර 33 කදී 3/178

තෙවැනි කඩුල්ල ලෙස තිලක් වර්මා ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට කමිල් මිශාර සමත්විය. අෂේන් ඩැනියෙල්ගේ පන්දුවක් හමුවේ තිලක් වර්මා දැවී යන විට පන්දු 53 කදී ලකුණු 46 ක් රැස් කළ ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ප්‍රියාම් ගාර්ග් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 59 කදී ලකුණු 59 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද තිලක් වර්මා සමත්විය.

---------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය යොවුන් පිල - ඕවර 22 කදී 2/113

දිල්ශාන් මධුශංකගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු යසස්වී ජයිස්වාල් කඩුලු රකින ක්‍රීඩක කමිල් මිශාර අතට උඩපන්දුවක් දෙමින්  ලකුණු 59 කට දැවී යයි. පන්දු 74 කට මුහුණදුන් ජයිස්වාල්ගේ ඉනිමට හතරේ පහර 8  ක් ඇතුළත් විය.

යසස්වී ජයිස්වාල්ගේ  අර්ධ ශතකය පන්දු 70 කදී වාර්තා විය.

---------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය යොවුන් පිල - ඕවර 11.5 කදී 1/66

ලකුණු 23 ක් රැස්කර සිටි දිව්යාන්ෂ් සක්සේනා දවාගැනීමට අම්ෂී ද සිල්වා සමත්විය. පළමු කඩුල්ල ලෙස නිපුන් ධනංජය  අතට උඩපන්දුවක් දෙමින් දිව්යාන්ෂ් සක්සේනා දැවීයන විට පන්දු 27 කට මුහුණදී සිටි අතර හතරේ පහර 3 ක් සිය ඉනිමට එක්කර  ගැනීමට ඔහු සමත්විය.

---------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය යොවුන් පිල - ඕවර 10 කදී 0/54

යසශ්වි ජයිස්වාල් ලකුණු 29 ක් සහ දිව්යාන්ෂ් සක්සේනා ලකුණු 18 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. අවසන් ඕවර 5 තුලදී කඩුල්ලක් ලබානොදුන් පිතිකරුවෝ ලකුණු 25 ක් ලබාගැනීමට සමත්වූහ.

---------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය යොවුන් පිල - ඕවර 5 කදී 0/29

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා මේ වනවිට පන්දු යවන්නන් තිදෙනෙකු යොදා ගත්තද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත්වී ඇත.

---------------------------------------------------------------------------------------------------------------------

පෘත්වි ෂෝගේ නායකත්වය යටතේ අවසන් වරට 2018 වසරේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියාව සිවුවරක් ශුරතාවයට හිමිකම් කියනු ලබයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම

නිපුන් ධනංජය (නායක), කමිල් මිශාර, නවෝද් පරණවිතාන, රවිඳු රසන්ත, තවීෂ අභිෂේක්, සොනාල් දිනූෂ, කවිදු නදීෂාන්, අෂේන් ඩැනියෙල්, අම්ෂි ද සිල්වා, දිෂාන් මධුශංක, මතීෂ පතිරණ

ඉන්දීය යොවුන් කණ්ඩායම

ප්‍රියාම් ගාර්ග්, යෂස්වී ජයිස්වාල්, දිව්යාන්ෂ් සක්සේනා, තිලක් වර්මා, ඩෘෘව් ජුරල්, සිද්දේෂ් වීර්, ශුබන්ග් හේග්ඩේ, සුෂාන්ත් මිෂ්රා, රවී බිෂ්නෝයි, ආකාෂ් සිං, කාර්තික් ත්‍යාගී

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා වසය 19 න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


අදහස් (1)

ඉන්දීය යොවුන් පිලට ලකුණු 90 ක ජයක්
  • wije Sunday, 19 January 2020 04:46 PM

    අනේ අපරාදේ කියන්න බෑ පොඩි අය ටිකත් අපේ ලොකු අය වගේම හැදෙනවා. අනේ හැමෝටම දෙවියන්ගේ පිහිටයි !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.