Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අෂාන් අභිමානය රැකගනී

අෂාන් අභිමානය රැකගනී

editorial - 2019 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඌව, කුඩාඔය සිට)
‘කමාන්ඩෝ සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පිට පිටම දෙවැනි වටරත් සම්මාන දිනාගැනීමට අෂාන් සිල්වා සමත් විය. ඒ අනුව ඉකුත් වසරේදී (2018) දිනාගත් කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලියේ මෝටර් රථ කිරුළ මේ වසරේදීත් (2019) තමා සන්තකයේ තබාගැනීමට අෂාන්ට හැකිවිය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා ඌව, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්විණ.

ප්‍රබල තරගකරුවන් රැසක් පසුපසට ඇද දමමින්, එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් අෂාන් සිල්වා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්විය. කාල ගණනයට අනුව එම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානයට හිමිකම් කී අශාන්, එම වාසියත් සමගින් අදියර දෙකම ජයගත්තේ කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට ඉඩක් ලබා නොදෙමිනි.

පළමු අදියරේ දෙවැනි ස්ථානය සඳහා උෂාන් පෙරේරා සහ කුෂාන් පීරිස් අතර ඉතා තියුණු සටනක් පැවැති අතර දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය සඳහා ඉෂ්රාක් වහබ් සහ කුෂාන් පීරිස් අතරද ඉතා තියුණු සටනක් පැවැත්විණ. කෙසේ වුවත් අෂාන්ට පමණක් දෙවැනි වූ උෂාන් පෙරේරා අදියර දෙකේදීම දෙවැනි ස්ථාන හිමිකරගැනීමට සමත් වූ අතර පළමු අදියරේ තෙවැනි ස්ථානය කුෂාන් පීරිස්ටද, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය ඉෂ්රාක් වහබ්ටද හිමිවිය.

එස්.එල්.එච්. කාණ්ඩයේ සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගැනීමට මාලික කුරුවිටාරච්චි සමත් වූ අතර එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට සකීර් වහබ් සමත් විය.

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ ජය තරිඳු ධර්මරත්න සතු වෙද්දී, එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ ජය කෝලිත එදිරිසිංහට හිමිවිය.

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය ජයගත් ලාබාල ක්‍රීඩක කේසර ගොඩගේ, එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයද හිමිකර ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සිවුවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළේය.

සියැට්, හොණ්ඩා, කොකා කෝලා, එක්සයිඞ්, නිපෝන් පේන්ට්, මැලිබන්, බ්‍රැන්ඩික්ස්, නෝලිමිට් සහ කැන්ඩොස් යන සමාගම්, ටාජ් සමුද්‍රා සහ ගලධාරි යන හෝටල් මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක් විය.


තරග ප්‍රතිඵල

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 කේසර ගොඩගේ (නිසාන් මාර්ච් 1000)
2 හිමේෂ් තෙන්කෝන් (නිසාන් මාර්ච් 1000)
3 ඩිලුක්ෂ සඳරුවන් (නිසාන් මාර්ච් 1000)


එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කෝලිත එදිරිසිංහ (මැස්ඩා ෆැමිලියා 1300)
2 කේසර ගොඩගේ (ෆෝඞ් ලේසර් 1300)
3 චමත් පල්ලියගුරු (මැස්ඩා ෆැමිලියා 1300)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 මිහාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
3 දේවින් සේරසිංහ (මැස්ඩා 1300)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
2 දේවින් සේරසිංහ (මැස්ඩා 1500)
3 නිෂාන්ත සේනාධිර (ෆෝඞ් ලේසර් 1500)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ
1 සකීර් වහබ් (හොන්ඩා සිවික් 1600)
2 රන්දික නිරෝෂන් (හොන්ඩා සිවික් 1600)
3 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා වී. ටෙක් 1600)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි.ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 නයිජල් පෙරේරා (සුබාරු ලෙගාසි 2200)
3 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2200)


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)  


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)


අදහස් (0)

අෂාන් අභිමානය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.