Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පූර්ව වටයේ තරග හෙට

අවසන් පූර්ව වටයේ තරග හෙට

ශානුක අරවින්ද - 2019 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය සංවිධානය කරන බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (18 වැනිදා) දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී ‘ඒ’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වන ශ්‍රී ලංකාව සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඉරානය අතර පළමු අවසන් පූර්ව තරගය හෙට පෙරවරු 9.00 ආරම්භ වන අතර ‘බී’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වන පාකිස්තානය අතර ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දියාව අතර තරගය හෙට පස්වරු 1.00 ආරම්භ වේ.

අපරාජිත බව රැකගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි සත්කාරක ශ්‍රී ලංකාව මූලික වටයේ තරගවලදී ඉන්දියාවට එරෙහිව ලකුණු 2-1 ක තියුණු ජයක්ද, නේපාලයට එරෙහිව ලකුණු 13-0 ක දැවැන්ත ජයක්ද අත්කර ගත්තේය.

පාකිස්තානය අවසන් පූර්ව වටයට දක්වා අපරාජිත බව රැකගැනීමට සමත් වූයේ මූලික වටයේ තරගවලදී ඉරානයට එරෙහිව ලකුණු 11-1 ක ජයක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 17-0 ක ජයක්ද වාර්තා කරමිනි.

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තොරා ගැනීම සඳහා (ලෝකඩ පදක්කම වෙනුවෙන්) අනිද්දා (19 වැනිදා) පස්වරු 1.00 ට තරගයක් පැවැත්වෙන අතර අවසන් මහ තරගය (රන් සහ රිදී පදක්කම් වෙනුවෙන්) පැවැත්වෙන්නේ 20 වැනිදා පස්වරු 2.00 සිටය.


මූලික වටයේ තරග ප්‍රතිඵල

‘ඒ’ කාණ්ඩය
ශ්‍රී ලංකාව විසින් ලකුණු 2-1 ක් ලෙස ඉන්දියාව පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් ලකුණු 13-0 ක් ලෙස නේපාලය පරාජය කරන ලදි.
ඉන්දියාව විසින් ලකුණු 8-0 ක් ලෙස නේපාලය පරාජය කරන ලදි.


‘බී’ කාණ්ඩය
පාකිස්තානය විසින් ලකුණු 11-1 ක් ලෙස ඉරානය පරාජය කරන ලදි.
පාකිස්තානය විසින් ලකුණු 17-0 ක් ලෙස බංග්ලාදේශය පරාජය කරන ලදි.
ඉරානය විසින් ලකුණු 8-4 ක් ලෙස බංග්ලාදේශය පරාජය කරන ලදි.

 


අදහස් (0)

අවසන් පූර්ව වටයේ තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.