Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තය පහසුවෙන්ම කඩුල්ල පනී

අයර්ලන්තය පහසුවෙන්ම කඩුල්ල පනී

editorial - 2019 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හැගිබිස්’ සුළි කුණාටුව හේතුවෙන් වැදගත්ම තරග දෙකක් අතහැර දමන ලද නමුත් තමන්ට ලැබුණු අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගත් අයර්ලන්ත ක්‍රීඩකයෝ සැමෝවා පිල පරාජය කරමින් ලෝක කුෂලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ෆුකුඕකා නුවරදී අද (12 වැනිදා) පැවැති තරගයේදී සැමෝවා පිල ලකුණු 47 - 05 කින් පරාජය කිරීමට අයර්ලන්තය සමත් විය.

අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තයට නවසීලන්තය හෝ දකුණු අප්‍රිකාව මුණගැසෙනු ඇත.
අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේදී අයර්ලන්තය (4) සහ සැමෝවා (14) අතර පරතරය එතරම් විශාල නොවුණත් මේ කණ්ඩායම් දෙක එකිනෙකා හමුවූයේ හත්වැනි වතාවටය. එහෙත් ලෝක කුසලාන තරගාවලියකදී නම් ඒ පළමු මුණගැසීමයි.

කෙසේ වෙතත් අවසන් වරට මුණ ගැසුණු තරග හයෙන් 5 කදීම අයර්ලන්තය පහසු ජයග්‍රහණ අත්කරගත්තේය. එබැවින් අද තරගය ගැන අයර්ලන්තයට චකිතයක් නොතිබිණ. අයර්ලන්තයට අවශ්‍යව තිබුණේ අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගනිමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීම පමණි.

තරගයේ තුන්වැනි විනාඩියේදීම රෝරි බෙස්ට් තැබූ උත්සාහක දිනුම ප්‍රවර්ථනය කරමින් ජොනී සෙක්ස්ටන් වැඩ ඇල්ලුවේය. එයින් විනාඩි 5 කට පසුව තාඞ්ග් ෆර්ලොන්ග් තැබූ උත්සාහක දිනුමත් ප්‍රවර්ථනය කළ සෙක්ස්ටන් 20 වැනි විනාඩියේදී තමන්ම ගෝල කණුව යට පන්දුව තබමින් එයත් ප්‍රවර්ථනය කළේය.
විනාඩි 22 ක් ඇතුළත සෙක්ස්ටන්ගෙන් අයර්ලන්තයට හිමිවූ ලකුණු සංඛ්‍යාව 11 කි.

කෙසේ වෙතත් 25 වැනි විනාඩියේදී සැමෝවා පිලේ ජැක් ලෑම් ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් සැමෝවා ක්‍රීඩකයෝ නිලකුණු තත්ත්වයෙන් මිදුණහ.

ජපානය හරහා හමා යමින් තිබෙන ‘හැගිබිස්’ සුළි කුණාටුව හේතුවෙන් තියුණුතම තරග දෙකක් අතහැර දමන ලදි. නවසීලන්තය සහ ඉතාලිය අතරත් එංගලන්තය සහ ප්‍රංශය අතරත් පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම අතහැර දැමීම හේතුවෙන් රග්බි ලෝලීන්ගේ අවධානය අයර්ලන්ත - සැමෝවා තරගය වෙතට ඇදී ගියේය.

එයින් උපරිම ප්‍රතිඵල ලබාගත් අයර්ලන්තයේ ෆුල් බෑක් ක්‍රීඩක ජොනී සෙක්ස්ටන් 38 වැනි විනාඩියේදී සිය දෙවැනි උත්සාහක දිනුම සාර්ථක කරගනිමින් අතිරේක ප්‍රසාද ලකුණ අයර්ලන්තයට ගෙනැවිත් දුන්නේය. පළමු අර්ධය නිමා වූයේ ලකුණු 26-5 ක් ලෙස අයර්ලන්ත පිල ඉදිරියෙන් සිටිමිනි.

විවේකයෙන් පසුව අයර්ලන්ත ක්‍රීඩකයෝ තරගය සහමුලින්ම සියතට ගත්හ. ගෝල තුනක් ලබාගනිමින් සිය ලකුණු සංඛ්‍යාව 47 දක්වා ඉහළ දැමූ අයර්ලන්තය පන්දුව සැමෝවා ක්‍රීඩකයන්ට නොදීමට වගබලාගත්හ.
උත්සාහක දිනුම් දෙකත් සමගින් මෙම තරගය පුරා ජොනී සෙක්ස්ටන්ගෙන් අයර්ලන්තයට ලැබුණු ලකුණු සංඛ්‍යාව 18 ක් විය

..


අදහස් (0)

අයර්ලන්තය පහසුවෙන්ම කඩුල්ල පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.