Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අචිනි ද්විත්ව ශූරතා දිනාගනී

අචිනි ද්විත්ව ශූරතා දිනාගනී

ශානුක අරවින්ද - 2019 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනසතු සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත කාණ්ඩයේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට අචිනි රත්නසිරි සමත් වූවාය.

වට 2-0 ක් ලෙස කාවින්දිකා ද සිල්වා පරාජය කරමින් විවෘත කේවල ශූරතාව දිනාගත් අචිනි, ඉන් නොනැවතී කාන්තා යුගල ශූරතාවද දිනාගත්තේ උපුලි සමන්තිකා සමග එක්ව වට 2-0 ක් ලෙස කාවින්දිකා ද සිල්වා සහ ඩිල්මි ඩයස් පරාජය කරමිනි.

මධුක දුලංජනට එරෙහිව වට 2-0 ක ජයක් ලබමින් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගත් ලෝචන ද සිල්වා, වයස 19 න් පහළ කේවල සහ යුගල ශූරතාද තමන් සතුකර ගනිමින් ත්‍රිත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.
තියුණු තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස මුහම්මද් සහ චන්ද්‍රිකා ද සිල්වා පරාජය කළ හසිත චානක සහ උපුලි වීරසිංහ තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගත්හ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සියළු තරග එකම ක්‍රීඩාගාරයක බැඞ්මින්ටන් පිටි 10 කදී පැවැති අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200 ක් පමණ සහභාගි වූහ. පළමු මට්ටමේ ශේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර බෙදා දුන් මුලු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ පහකි.

විවෘත තරග ප්‍රතිඵල

පිරිමි කේවල
ලෝචන ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස මධුක දුලංජන පරාජය කරන ලදි. (21/15, 21/12)

කාන්තා කේවල
අචිනි රත්නසිරි විසින් වට 2-0 ක් ලෙස කාවින්දිකා ද සිල්වා පරාජය කරන ලදි. (21/07, 21/06)

පිරිමි යුගල
චිරාන් සුධීර සහ ළහිරු වීරසිංහ වට 2-1 ක් ලෙස හසිත චානක සහ තුලිත් පල්ලියගුරුගේ පරාජය කරන ලදහ. (19/21, 21/19, 21/09)

කාන්තා යුගල
අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ වට 2-0 ක් ලෙස කාවින්දිකා ද සිල්වා සහ ඩිල්මි ඩයස් පරාජය කරන ලදහ. (21/05, 21/12)

මිශ්‍ර යුගල
හසිත චානක සහ උපුලි වීරසිංහ වට 2-1 ක් ලෙස මුහම්මද් සහ චන්ද්‍රිකා ද සිල්වා පරාජය කරන ලදහ. (21/17, 21/23, 21/18)

බාලක තරග ප්‍රතිඵල

බාලක කේවල 11 න් පහළ
සෙනුත් සෙත්මිත විසින් වට 2-0 ක් ලෙස චෙනාල් දෙව්ෂාන් පරාජය කරන ලදි. (15/12, 15/11)

බාලක කේවල 13 න් පහළ
අකිඳු ජයතිලක විසින් වට 2-0 ක් ලෙස රන්තුක රූපතුංග පරාජය කරන ලදි. (15/11, 15/09)

බාලක යුගල 13 න් පහළ
අකිඳු ජයතිලක සහ මිහිල ජයවීර විසින් වට 2-0 ක් ලෙස සනුද ආරියසිංහ සහ රන්තුක රූපතුංග පරාජය කරන ලදහ. (15/12, 15/12)

බාලක කේවල 15 න් පහළ
ආෂිංස හේරත් විසින් වට 2-0 ක් ලෙස ලුවින් කොඩිප්පිලි පරාජය කරන ලදි. (21/17, 23/21)

බාලක යුගල 15 න් පහළ
මන්තුක රූපතුංග සහ සන්තෝෂ් තරනීස්පරණ් විසින් වට 2-1 ක් ලෙස ලුවින් කොඩිප්පිලි සහ විදූෂ් සුමනදාස පරාජය කරන ලදහ. (23/21, 18/21, 21/11)

බාලක කේවල 17 න් පහළ
සවිණක වීරසේකර විසින් වට 2-1 ක් ලෙස කවිඳු සල්ගාදු පරාජය කරන ලදි. (11/21, 21/07, 21/08)

බාලක යුගල 17 න් පහළ
තේනුක ද සිල්වා සහ විරේන් නෙත්තසිංහ විසින් වට 2-0 ක් ලෙස ජේසන් හෝමර් සහ මනුත් පැලවත්ත පරාජය කරන ලදහ. (21/18, 21/19)

බාලක කේවල 19 න් පහළ
ලෝචන ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස වෙනුර පැලවත්ත පරාජය කරන ලදි. (21/12, 21/12)

බාලක යුගල 19 න් පහළ
ලෝචන ද සිල්වා සහ තුලිත් පල්ලියගුරු විසින් වට 2-0 ක් ලෙස දිගායු කහටපිටිය සහ ලකිඳු රණවීර පරාජය කරන ලදහ. (21/19, 22/20)

බාලිකා තරග ප්‍රතිඵල

බාලිකා කේවල 11 න් පහළ
සඳරුවි ජයලත් විසින් වට 2-0 ක් ලෙස ඉසුරි අත්තනායක පරාජය කරන ලදි. (15/13, 15/09)

බාලිකා කේවල 13 න් පහළ
නෙත්මි රත්නායක විසින් වට 2-1 ක් ලෙස කොමුතු කුමාරප්පෙරුම පරාජය කරන ලදි. (12/15, 15/10, 15/11)

බාලිකා යුගල 13 න් පහළ
තිසේජා හේරත් සහ රනුමි මානගේ විසින් වට 2-0 ක් ලෙස දිල්ෂි දිසානායක සහ ලොරනි වීරසිංහ පරාජය කරන ලදහ. (15/09, 21/19)

බාලිකා කේවල 15 න් පහළ
වරංගනා ජයවර්ධන විසින් වට 2-0 ක් ලෙස ප්‍රවීණා විජේසුන්දර පරාජය කරන ලදි. (21/15, 22/20)

බාලිකා යුගල 15 න් පහළ
ඉරුෂි අමන්දි සහ නෙතන්ගා පල්ලියගුරු වට 2-0 ක් ලෙස දිනෙත්‍යා ජයන්දි සහ දෙව්නි උබේසිරිවර්ධන පරාජය කරන ලදහ. (21/7, 21/15)

බාලිකා කේවල 17 න් පහළ
සසිනි හංසමාලි විසින් වට 2-0 ක් ලෙස චනුෂි ජයෝදා පරාජය කරන ලදි. (21/7, 21/10)

බාලිකා යුගල 17 න් පහළ
පංචාලි අධිකාරි සහ මනුදි මිතාරා විසින් වට 2-0 ක් ලෙස චනුෂි ජයෝධා සහ පංකජී වික්‍රමසිංහ 2-0 ක් ලෙස පරාජය කරන ලදහ. (21/12, 21/16)

බාලිකා කේවල 19 න් පහළ
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස අනුරංගි මාසකෝරල පරාජය කරන ලදි. (21/08, 21/12)

බාලිකා යුගල 19 න් පහළ
ඩිල්මි ඩයස් සහ අනුරංගි මාසකෝරල නිතරග ජයක් ලැබූහ.

ප්‍රවීණ තරග ප්‍රතිඵල
 
පිරිමි කේවල වයස 35 ට වැඩි
මුහම්මද් විසින් වට 2-0 ක් ලෙස අමිල යටපාන පරාජය කරන ලදි. (21/13, 21/19)

පිරිමි කේවල වයස අවුරුදු 40 ට වැඩි
හිරුණ දිසානායක විසින් වට 2-1 ක් ලෙස කොන්රාඞ් ද සිල්වා පරාජය කරන ලදි. (21/19, 19/21, 21/19)

කාන්තා කේවල වයස අවුරුදු 40 ට වැඩි
විපුලි අබේසේකර නිතරග ජයක් ලැබීය.

පිරිමි මිශ්‍ර වයස අවුරුදු 40 ට වැඩි
ක්ලැරන්ස් හෝමර් සහ උපේන්ද්‍ර ජයවර්ධන විසින් වට 2-0 ක් ලෙස රන්දික පීරිස් සහ නිහාන් රණසිංහ පරාජය කරන ලදි. (21/10, 21/18)

කාන්තා මිශ්‍ර වයස අවුරුදු 40 ට වැඩි
විපුලි අබේසේකර සහ කෞෂාලි දිසානායක විසින් වට 2-0 ක් ලෙස ඒ.යූ. ගමගේ සහ රමණි ගුණසේකර පරාජය කරන ලදි. (21/09, 21/10)

පිරිමි කේවල වයස අවුරුදු 50 ට වැඩි
දර්ශන සේනාරත්න විසින් වට 2-0 ක් ලෙස ටිරෝන් පීරිස් පරාජය කරන ලදි. (21/15, 21/19)

පිරිමි මිශ්‍ර වයස අවුරුදු 50 ට වැඩි
ආර්.පතිරණ සහ නිරෝෂණ විජේකෝන් විසින් වට 2-0 ක් ලෙස මංගල ගමගේ සහ කමල් ගම්ලත් පරාජය කරන ලදි. (21/19, 21/14)

පිරිමි කේවල වයස අවුරුදු 60 ට වැඩි
ඩබ්ලිව්.එම්. ආරියසේන විසින් වට 2-0 ක් ලෙස පරාක්‍රම බස්නායක පරාජය කරන ලදි. (21/09, 21/10)

පිරිමි මිශ්‍ර වයස අවුරුදු 60 ට වැඩි
රෝහාන් ද සිල්වා සහ ලුවී කරුණාරත්න විසින් වට 2-1 ක් ලෙස ඩබ්ලිව්.එම්. ආරියසේන සහ පරාක්‍රම බස්නායක පරාජය කරන ලදි. (21/13, 19/21, 21/11)


අදහස් (0)

අචිනි ද්විත්ව ශූරතා දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.