Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෝමියුලා 1 තරග සමය ජූලි 5 දා ඔස්ට්‍රියාවෙන් ඇරඹෙයි

ෆෝමියුලා 1 තරග සමය ජූලි 5 දා ඔස්ට්‍රියාවෙන් ඇරඹෙයි

editorial - 2020 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංස්කරණය කරන ලද ෆෝමියුලා-1 කාලසටහනට අනුව ජූලි මස 5 සහ 12 යන දිනවල ඔස්ට්‍රියාවේදී ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වෙන තරගාවලි දෙකකින් මේ වසරේ (2020) ෆෝමියුලා 1 කාණ්ඩයේ තරග සමය ආරම්භ වන බව සංවිධායකයෝ පවසති. සංශෝධිත කාලසටහනට යුරෝපයේදී පැවැත්වෙන තවත් ගෝන් ප්‍රී තරගාවලි 6 ක් ඊට ඇතුළත් වන බවත් ෆෝමියුලා 1 තරග සංවිධායකයෝ පවසති.

දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත මෙවර තරග සමය තුළදී තරග 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ෆෝමියුලා-1 සමාගම පවසයි. මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගාවලිය කොරෝනා වයිරසය පැතිරයෑම හේතුවෙන් කිහිප වරක්ම කල් දැමීමෙන් අනතුරුව ඉකුත්දා අවලංගු කෙරිණ.

කොවිඞ්-19 වයිරසය පැතිරයෑමට එරෙහිව සටන් කිරීම සඳහා ෆෝමියුලා-1 සංවිධායකයන් “සම්පූර්ණ හා වෘත්තීය සැලැස්මක්” ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය සතියේදී ඔස්ට්‍රියානු රජය විසින් ස්පීල්බර්ග් ධාවන පථය තුළ මෙවර තරග සමය ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලදි.
තරගාවලිය ආරම්භ වී සති දෙකකට පසු එනම් ජූලි මස 19 වැනිදා හංගේරියානු ගෝන් ප්‍රී තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව පිළිවෙලින් එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ බෙල්ජියම යන රටවලදීද තරග පැවැත්වේ. මෙම සියලුම තරගාවලි ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන අතර ඊට සහභාගිවන්නන්ද දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

“ප්‍රේක්ෂකයන් නොමැතිව මෙවර තරග සමය ආරම්භ කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඉදිරි මාස කිහිපය තුළ එය ආරක්ෂිතව කළ හැකි වුවහොත් නැවතත් තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් කැඳවීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ෆෝමියුලා-1 ප්‍රධාන විධායක නිලධාරී චේස් කේරි මහතා කියා සිටියේය.

ලොව පුරා ලක්ෂ 4 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති කොරොනා වසංගතයට එරෙහි සටනේදී තරග පැවැත්වීම සඳහා ගුවන්තොටුපළක් සහ හුදකලා පරිසරයක පිහිටි ධාවන පථයක් අත්‍යවශ්‍ය වන අතර 700 කට අඩු පිරිසක් මිය ගොස් ඇති ඔස්ටි්‍රයාව එම පහසුකම් සහිත රටක් ලෙස හැදින්විය හැකිය.

බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් ධාවන පථය අගෝස්තු 2 සහ 9 යන දිනවලදී බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගාවලියේ සත්කාරකත්වය දරනු ඇති අතර ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගාවලිය අගෝස්තු මස 16 වැනිදා බාසිලෝනාහිදී පැවැත්වේ.

බෙල්ජියම් සහ ඉතාලි ගෝන් ප්‍රී තරගාවලිවල පෙර යොදා තිබූ දිනයන් වෙනස් වී නොමැති අතර එම තරගාවලි දෙක පිළිවෙලින් අගෝස්තු මස 30 වැනිදා සහ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පිළිවෙලින් ආසියාවේ සහ ඇමරිකාවේද, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බහරේන්හිදී සහ අබුඩාබිහිදිද තවත් තරගාවලි 4 ක් පැවැත්වීමට නියමිතය.

මෙම වසර ආරම්භයේදී 2020 තරග සමයට ෆොමියුලා-1 තරගාවලි 22 ක් ඇතුළත්ව තිබූ නමුත් මෙල්බර්න්, මොනෑකෝ, ප්‍රංශ සහ නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගාවලි අවලංගු කිරීමෙන් අනතුරුව එය  2009 වසරේ සිට මෙතෙක් පැවැති කෙටිම තරගාවලිය ලෙස සටහන් වනු ඇත.

-036


අදහස් (0)

ෆෝමියුලා 1 තරග සමය ජූලි 5 දා ඔස්ට්‍රියාවෙන් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.