Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෝමියුලා - I කාණ්ඩයේ තරග ආරම්භයට අලුත් සැලැස්මක්

ෆෝමියුලා - I කාණ්ඩයේ තරග ආරම්භයට අලුත් සැලැස්මක්

editorial - 2020 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
මේ වසරේදී ෆෝමියුලා - I මෝටර් රථ තරග වාරය ආරම්භ කිරීම සඳහා බි්‍රතාන්‍යයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයට පිවිසීමට පෙර ඔස්ට්්‍රයාවේදී ප්‍රේක්ෂකයන් නොමැතිව තරග දෙකක් පැවැත්වීමට ෆෝමියුලා - I තරග සංවිධායකයෝ සූදානම් වෙති. ඔවුන්ගේ සැලසුම් සාර්ථක වුවහොත්, එය තරග වාරයකදී එකම ධාවන පථයදී තරග දෙකක් පැවැත්වෙන පළමු අවස්ථාව වනු ඇත.
 
එමෙන්ම 1950 වසරේදී ගෝන් ප්‍රී තරග ආරම්භ වීමෙන් පසුව මුදල් ගෙවූ තරග නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පළමු ගෝන් ප්‍රීී තරගයද එය බවට එය පත්වනු ඇත.
 
ෆෝමියුලා - I කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන රොස් බ්‍රවුන් මහතා පැවසූයේ ඕස්ට්්‍රයාවේ දුර ඈත පිහිටි ධාවන පථයක් මේ සඳවා වඩාත් යෝග්‍ය බවයි. ඒ සඳහා ස්පීල්බර්ග් ප්‍රදේශයේ පිහිටි රෙඞ් බුල් ධාවන පථය තෝරාගෙන තිබේ. මෙම තරග දෙක ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

“කොහොම වුණත් අපේ ප්‍රධානතම අභියෝගය වෙන්නේ මේ රථ පරීක්‍ෂා කරලා නැවතත් තරගවලට පිවිසීමට තරම් ඔවුන් සූදානම් කරගැනීමයි” යයිද රොස් බ්‍රවුන් මහතා පැවසීය.
 
කොවිඞ්-19 නම් වූ මහ පරිමාණ වසංගතයක් සමග පොරබදමින් සිටින ලෝකයක තරග 18 කින් සමන්විත මෝටර් රථ ශූරතාවලියක් පැවැත්වීම මේ වන විට දැවැන්ත අභියෝගයක් වී තිබේ. මෙම තරග 18 පැවැත්වීම සඳහා ලෝකයේ මහාද්වීප 4 ක පිහිටි රටවල් 18 කට යා යුතුය.
“කණ්ඩායම්වලට සහ අපගේ අනෙකුත් හවුල්කරුවන්ට තරග පැවැත්වෙන රටවල්වලට ඇතුළු වීමේදී සහ තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි බොහෝ ගැටළු අපට විසඳගන්න වෙලා තියෙනවා.” යැයි ෆෝමියුලා - I සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරන චේස් කේරි මහතා ඊයේ පැවසීය.

“අපගේ සියලුම සැලසුම් ඉක්මණින් වෙනස් වන සුළුයි. අපි කිසිකෙනෙක් මේ වයිරසය ගැන හරියට නොදන්න නිසා අපට තවමත් විසඳීමට හුඟක් ගැටළු තියෙනවා.” යැයිද කේරි මහතා වැඩි දුරටත් කියා සිටියේය.
 
ෆෝමියුලා - I තරග 10 ක් මේ වන විට කල් දමා හෝ අවලංගු කර තිබේ. ඒ හේතුවෙන් කණ්ඩායම් 10 ක් සහ මෙම ශූරතාවලියේ වාණිජ අයිතිවාසිකම් හිමි ‘ලිබර්ටි මීඩියා’ මාධ්‍ය ජාලය විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. සංචාරක සීමාවන් සහ මහජන රැස්වීම් සඳහා රජයන් විසින් පනවන ලද තහනම සහ මහජන මතය සැලකිල්ලට ගනිමින් බලන කළ තරග 22 කින් තරග 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් පැවැත්වීමේ ඉලක්කයද අසීරු ඉලක්කයක් බව පෙනී යයි.

 අසර්බයිජානය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, වියට්නාමය, චීනය සහ කැනඩාව යන රටවල ගෝන් ප්‍රී තරග සඳහා ඉදිරියේදී නව දිනයන් යොදා ගැනීමට නියමිතය. බහරේන් සහ අබුඩාබි ගෝන් ප්‍රී තරග මෙම වාරය අවසානයේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

මොනෑකෝ අනුගමනය කරමින් ප්‍රංශය සිය ගෝන් ප්‍රී තරගය අවලංගු කිරීමට පියවර ගත් නමුත් ෆෝමියුලා - I දින දර්ශනයට අනුව හංගේරියාව, බෙල්ජියම, ඉතාලිය, ටෙක්සාස්, මෙක්සිකෝව, බ්‍රසීලය, රුසියාව, ජපානය සහ සිංගප්පූරුව යන රටවල ගෝන් ප්‍රී තරග මෙම වසර (2020) තුළදී පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් සුබවාදී බලාපොරොත්තුවක ෆෝමියුලා - I බලධාරීහු එල්බගෙන සිටිති.
 
-036

අදහස් (0)

ෆෝමියුලා - I කාණ්ඩයේ තරග ආරම්භයට අලුත් සැලැස්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.