Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැමිල්ටන් ෂූමාකර්ගේ වාර්තාව හඹා යයි

හැමිල්ටන් ෂූමාකර්ගේ වාර්තාව හඹා යයි

editorial - 2020 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග මාලාවේ සිවුවැනි ගෝන් ප්‍රී තරගය වන බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගයේ පළමු අදියර හෙට (2 වැනිදා) එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.40 ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේදී ලුවිස් හැමිල්ටන් ජර්මන් ජාතික මයිකල් ෂූමාකර්ගේ වාර්තාව හඹා යමින් සිටී.

මයිකල් ෂූමාකර්ගේ ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව (91) සම කිරීම සඳහා තවත් ජයග්‍රහණ 5 ක් පසුපසින් සිටින හැමිල්ටන්ට මේ වසර තුළදී එම වාර්තාව සම කිරීමට නම් මෙම ගෝන් ප්‍රී තරගයද ඇතුළත්ව ඉතිරිව ඇති සියලුම ගෝන් ප්‍රී තරග ජයගැනීමට සිදුවනු ඇත.

මින් පෙර ඔස්ට්‍රියාවේදී පැවැති ගෝන් ප්‍රී තරග දෙකේදී සහ හංගේරියානු ගෝන් ප්‍රී තරගයේදී ලබාගත් ලකුණු වලට අනුව මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් මේ වන විට රියැදුරන් ස්ථානගතවීමේදී පෙරමුණ ගෙන සිටී.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගවාරයේ සියලුම ගෝන් ප්‍රී තරග ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන අතර ඊට සහභාගිවන්නන්ද දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ  යුතුය. ඒ අනුව කිලෝ මීටර් 5.891 ක දුරකින් සමන්විත සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන පළමු ගෝන් ප්‍රී තරගය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

අවසන් වරට හංගේරියාවේ බුඩපාස්ට්හි පැවැති හංගේරියානු ගෝන් ප්‍රී තරගය ජය ගැනීමටද හැමිල්ටන් සමත් වූ අතර ඒ සඳහා ඔහුට පැය 1 යි, විනාඩි 36 යි, තත්පර 12.473 ක කාලයක් ගත විය. ඔහුට වඩා තත්පර 8.702 ක් පසුපසින් තරගය නිමා කළ රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වෙර්ස්ටපෙන් එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
 
මර්සිඩීස් කණ්ඩයමේ වෙල්ටරි බොටාස් සහ රේසිං පොයින්ට් මර්සිඩීස් කණ්ඩායමේ ලාන්ස් ස්ට්‍රෝල් හංගේරියානු ගෝන් ප්‍රී තරගයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූයේ හැමිල්ටන්ට වඩා තත්පර 9.425 ක් සහ 57.579 ක් පසුපසින් තරගය නිමා කරමිනි.

බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගයේ දෙවැනි අදියර අගෝස්තු මස 9 වැනිදා සිල්වර්ස්ටෝන් ධාවන පථයේදීම පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය අගෝස්තු මස 16 වැනිදා බාසිලෝනාහිදී පැවැත්වේ. බෙල්ජියම් සහ ඉතාලි ගෝන් ප්‍රී තරග පිළිවෙලින් අගෝස්තු මස 30 වැනිදා සහ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.


-036

 


අදහස් (0)

හැමිල්ටන් ෂූමාකර්ගේ වාර්තාව හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.